බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවෝ ලබන මස මෙරටට

110

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ජූනි මාසයේ ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතය. එම තරග සංචාරයට එක්දින තරග 3ක් සහ විස්සයි-20 තරග 3ක් ඇතුළත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (16 වැනිදා) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

තරග සංචාරයට අදාළ පළමු එක්දින තරගය ජූනි මස 15 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර දෙවැනි තරගය ජූනි මස 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. අවසන් එක්දින තරගය ජූනි මස 21 වැනිදා පැවැත්වේ.

විස්සයි-20 තරගාවලියේ පළමු තරගය ජූනි මස 24 වැනිදාත්, දෙවැනි තරගය 26 වැනිදාත් සහ තෙවැනි තරගය ජූනි මස 28 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

එක්දින තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සහ විස්සයි-20 තරගාවලිය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment