බටහිර දර්ශනයෙහි ආරම්භය

1529

දර්ශනවාදයේ ඉතිහාසය යනු මිනිසාගේ බුද්ධිමය කටයුතුවල වර්ධනයේ ක‍්‍රියාවලියකි. එය මිථ්‍යා හා අද්භූත විශ්වාසයන්ගෙන්  තාර්කික, සමපේක්ෂණ හා ආනුභාවික විමර්ශන ක‍්‍රියාවලියකට ගමන් කිරීමකි. පුරාණ ග‍්‍රීකයන් දීර්ඝ කාලයක් තිස්සේ දෙවියන්ට හා දේවතාවියන්ට නමස්කාර කළහ. එසේ වුවද, ක‍්‍රි. පූ. 500 දී පමණ ග‍්‍රීක සමාජයේ යම් යම් වෙනස්කම් සිදුවිය. ඇතැමෙක් විශ්වය හා මිනිසුන් පිළිබඳව වෙනස් ආකාරයකින් සිතන්නට පටන් ගත්හ. මෙම පුද්ගලයන් මුලින්ම ‘චින්තකයන්’ ලෙස හැඳින්වූ නමුත් පසුව ඔවුන් ‘දාර්ශනිකයන්’ ලෙස හැඳින්විණි. දැනුම ලූහුබඳින ඕනෑම අයකු දාර්ශනිකයකු ලෙස සැලකේ. එවැනි අය ප‍්‍රජාවට ඇලූම් කළෝ වූහ. ඔවුන් මිනිස් මනසෙහි තාර්කිකත්වය විශ්වාස කිරීමට පටන් ගත් අතර එය ජීවිතය හා විශ්වය ගැන සිතීමට, පැහැදිලි කිරීමට සහ තේරුම් ගැනීමට භාවිතා කළ හැකි බව වටහා ගත්හ. මෙම දාර්ශනිකයන් තාරකා විද්‍යාව, ඥාන විභාගය ඇතුළු විවිධ විෂයන් ආවරණය කර ඇත. ග‍්‍රීක දර්ශනය බටහිර දර්ශනයේ ඉතිහාසය සඳහා අඩිතාලම දමන්නේ සමස්ත බටහිර චින්තනය හැඩ ගැස්වීමෙනි. ග‍්‍රීක දර්ශනය ආරම්භයේ සිටම බටහිර දර්ශනයේ වර්ධනයට විශාල බලපෑමක් කර ඇත.

1. තේල්ස්

මිලේසියානු පාසල 6 වන සියවසේ තේල්ස් (ක‍්‍රි. පූ. 624-546) ඇනැක්සිමාන්ඩර් (ක‍්‍රි. පූ. 610-546) සහ ඇනැක්සිමෙනස් (ක‍්‍රි. පූ. 585-525) විසින් ආරම්භ කරන ලදී. විශ්වයේ හා ජීවයේ එතෙක් පැවති දෘෂ්ටි කෝණයන්ට එරෙහි නව දැනුම ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද අතර ක‍්‍රමවත් ලෙස නිරීක්ෂණය කළ හැකි ආකාරයට ඔවුන් ස්වභාව ධර්මය පිළිබඳව පැහැදිලි කර ඇත. තේල්ස් පළමු අයෝනියානු හෝ මිලේසියානු දාර්ශනිකයා වූ අතර බටහිර දර්ශනයේ පියා ලෙස සැලකේ. ඔහු ග‍්‍රීක දර්ශනයේ පියා ලෙස සැලකිය හැකිය. ඔහු ගණිතඥයකු සහ තාරකා විද්‍යාඥයකු විය. ඔහු ආචාර ධර්ම, පාරභෞතික විද්‍යාව, ගණිතය සහ තාරකා විද්‍යාව කෙරෙහි උනන්දුවක් දැක්වීය. ඔහුගේ කැපී පෙනෙන අදහස් විද්‍යාත්මක දර්ශනයේ දියුණුව වෙනුවෙන් කළ පළමු ක‍්‍රමානුකූල උත්සාහය බවට පත්ව ඇත. තේල්ස් බොහෝ ක්ෂේත‍්‍ර කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට තිබුණද වර්තමානයේ දක්නට ලැබෙනුයේ ඔහුගේ බුද්ධිමය ජයග‍්‍රහණවල කොටස් පමණකි. දර්ශන අධ්‍යයනය ප‍්‍රායෝගික අංශයක් බව ඔහු තහවුරු කළේය. Nautical Star-Guide (නැවියන්ගේ භාවිතය සඳහා), Onthe Solsticesiy On the Equinox, On the First Principles යන ග‍්‍රන්ථ තේල්ස් විසින් ලියා ඇති බව කියනු ලැබේ. කෙසේ වෙතත්, ඔහු එවැනි කිසිවක් ලියා තිබේද යන්න සැක සහිත වන්නේ එම ග‍්‍රන්ථයන් ශේෂව නොමැති බැවිනි.

ග‍්‍රීක ගණිතය හා විද්‍යාව ප‍්‍රථමයෙන්ම හඳුන්වා දුන්නේ ඔහුය. ඔහු මූලික ජාමිතියේ ප‍්‍රමේයයන් පහක් හඳුන්වා දුන්නේය. ඔහු වරක් පිරමීඩයක් එහි සෙවනැලි මඟින් මනින්නේ ඔහුගේ සෙවණැල්ල තමාගේ උසට සමාන වන විට බව තහවුරු වූ විටය. තේල්ස් ප‍්‍රමේය මූලික ජ්‍යාමිතියේ වැදගත් ප‍්‍රමේයයක් වන අතර විවිධ රේඛා ඛණ්ඩවල අනුපාතයන් ෙඡ්දනය වන රේඛා දෙකකින් සාදනු ලැබේ. එය සමාන ත‍්‍රිකෝණවල අනුපාත පිළිබඳ ප‍්‍රමේයට සමාන වේ. පෘථිවිය විශාල ජල කඳක් මත පාවෙන තැටියක් හා සමාන යැයි ඔහු විශ්වාස කළේය. ඔහු වරක් සූර්ය ග‍්‍රහණයක් ද පුරෝකථනය කළේය. සූර්ය ග‍්‍රහණයක් පිළිබඳ පළමු සාර්ථක පුරෝකථනය එය විය. ජලය ජීවයේ මූල ධාතුව ලෙස සැලකීම, තේල්ස් ප‍්‍රමේය සහ ඉන්ටර්සෙප්ට් ප‍්‍රමේය (Intercept theorem) ඔහු ඉදිරිපත් කළ මූලික අදහස් වේ. තේල්ස් පළමු වරට සමස්ත දේවල්වල ස්වභාවය සමස්තයක් ලෙස අධ්‍යයනය කළ පළමු ග‍්‍රීක භෞතික විද්‍යාඥයා ලෙස සැලකිය හැකිය. ග‍්‍රීසියට ජ්‍යාමිතිය හඳුන්වා දුන් පළමු පුද්ගලයා ලෙස සැලකෙන්නේ ද ඔහුය. පුරාණ මිලේටස්හි පැවති සමාජ, ආර්ථික හා භූගෝලීය ස්වභාවය තේල්ස්ගේ දර්ශනයෙන් නියෝජනය වේ. ඇරිස්ටෝටල් සිය එක් විශිෂ්ට කෘතියක් වන පාරභෞතික විද්‍යාව (Metaphysics) නමැති කෘතියෙහි ග‍්‍රීක දර්ශනයේ නිර්මාතෘවරයා වන්නේ තේල්ස් බව සඳහන් කර ඇත. එම ග‍්‍රන්ථයට මාතෘකාව ලබා දී ඇත්තේ තේල්ස් විසින් කරන ලද ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිසාය. එනම්, ”ප‍්‍රශ්නය වන්නේ ලෝකයේ පළමු හේතුව පිළිබඳවයි’’ යන ප‍්‍රකාශයයි. තේල්ස්ගේ ප‍්‍රධාන පැහැදිලි කිරීම් පහත පරිදි සාරාංශ කළ හැකිය.

බටහිර දර්ශනයෙහි ආරම්භය

– පෘථිවිය ජලයෙන් සෑදී ඇත
– පෘථිවිය ජලය මත රැඳේ
– පෘථිවිය දෙවිවරුන්ගෙන් පිරී ඇත
– ආත්මය චලනය නිපදවයි

ඔහු කියා සිටියේ පෘථිවිය ජලය මත පාවෙන්නේ ලොගයක් (Log) මෙන් බවයි. එම නිගමනයට එළඹීමට ඔහුට බැබිලෝනීය හා ඊජිප්තු ශිෂ්ටාචාරවල බලපෑම තිබිය යුතුය. තේල්ස්ගේ දර්ශනය යනු නිසි පැහැදිලි කිරීමක් නොමැති අදහස් එකතුවක් පමණක් බව පෙනෙන්නට තිබුණද, එය විශ්වයේ මිථ්‍යා හා විද්‍යාත්මක නොවන ප‍්‍රකාශයන්ට එරෙහිව යෑමේ විශාල උත්සාහයකි. ස්වාභාවික මූලධර්ම මඟින් විශ්වය පාලනය වන බව පවසමින් ඔහු අද්භූත සංසිද්ධීන් අවධාරණය කරනවා වෙනුවට ස්වාභාවික සංසිද්ධීන් අවධාරණය කළේය. සමස්ත ලෝකයටම මූල ධාතුව වූ තනි ද්‍රව්‍යයක් සෙවීම, අද්භූත විශ්වාසයන්ට එරෙහිව යෑම සඳහා නව ප‍්‍රවේශයක් ලෙස සැලකේ. පසුකාලීන දාර්ශනිකයන්ට තේල්ස්ගේ දාර්ශනික අදහස් (ඇනැක්සගොරස්, සොක‍්‍රටීස්, ඇනැක්සිමෙන්ඩර් ආදීන්) බෙහෙවින් බලපා ඇත. බොහෝ දාර්ශනිකයන් පැමිණියේ විශ්වයේ ආරම්භය පිළිබඳ දාර්ශනික ප‍්‍රශ්නයට තේල්ස් පිළිතුරු දීමෙන් පසුවය.

කෙසේ වෙතත්, සෑම දෙයක්ම පැනන`ගින මූලික සාරය ලෙස ජලය තෝරා ගැනීම පිළිබඳව ඔහු නිසි පැහැදිලි කිරීමක් නොකරයි. ඇරිස්ටෝටල් පවසන පරිදි, සෑම දෙයකම ස්වභාවය තෙතමනය ලෙස දැකීමත්, උණුසුම පැමිණෙන්නේත් එයින් ජීවත්වීමත්, සෑම දෙයකම බීජ තෙතමනය සහිත ස්වභාවයක් තිබීමත්, ජලය ස්වභාවිකව තිබීමත් නිසා තෙතමනය ලෝකයේ මූල පදාර්ථය ලෙස සලකන්නට ඇත. අනෙක් පැත්තෙන් හෝමරිකස් ප‍්‍රකාශ කර ඇත්තේ, බොහෝ ස්වාභාවික ද්‍රව්‍ය, එ්වා එක් එක් වෙනස් දෙයට පහසුවෙන් පරිවර්තනය වන බැවින් එහිදී විවිධ වෙනස්කම්වලට භාජනය වන අතර, එම කොටස වාතය බවට පත්වන අතර එහි හොඳම කොටස වාතයේ සිට ඊතර බවට පත් කරනු ලැබේ. ජලය සංයුක්ත වී මඩ බවට වෙනස් වන විට පෘථිවිය නිර්මාණය වේ.

සියල්ල දෙවියන්ගෙන් සමන්විත වන බව තේල්ස් කියා සිටියේය. ඔහු දිව්‍යමය ලක්ෂණ ජලයට ආරෝපණය කළේය. එය දිව්‍යමය වූයේ එය විශ්වයට හේතුව නිසාය. ආත්මය පිළිබඳ විශ්වාසයන් තුළින් එය අර්ථ දැක්විය හැකිය. චුම්බකය සහ ආත්මය පිළිබඳ ඔහුගේ පරිකල්පනය ඔහුගේ බුද්ධිමය හැකියාව පෙන්නුම් කරයි. මෙය සැබැවින්ම අද්භූත දෙවියකුගේ අදහස සනාථ කිරීමක් නොවේ. මෙය ආගමික හැඟීමකින් තොරව විමසිය යුතුය. සෑම දෙයක්ම ආරම්භ වන පළමු මූලධර්මය පිළිබඳ ඔහුගේ අදහස සඳහා ඔහු ඉදිරිපත් කරන මතය මෙයයි.

තේල්ස් පවසන ‘චුම්බක වලට ආත්ම ඇත’ යන්න සහ ‘සියල්ල දෙවිවරුන්ගෙන් පිරී ඇත’ යන්න විග‍්‍රහ කරගැනීම වැදගත් වේ. ග‍්‍රීක භාෂාවෙන් ”ආත්මයක් තිබීම’’ (Psuche) යන්නෙන් අදහස් කරන්නේ ජීවය පවතින බවයි. එබැවින් තේල්ස්ගේ තර්කය පහත දැක්වෙන ආකාරයට විය හැකිය. එනම්, ‘ජීවීන් චලනය නිපදවයි; චුම්බකවලට තමන් සහ වෙනත් දේ චලනය කළ හැකිය; එබැවින් චුම්බක ජීවමාන වේ’ යනුවෙනි. තේල්ස් පවසන පරිදි ආත්මය චලනය නිපදවයි. මෙම ආත්මය පසුව චේතනා බලයෙන් (Motive Power) අර්ථ දැක්වේ. එලෙස ගමන් කිරීමට නම්, සෑම වස්තුවකටම යම් ආකාරයක දේවත්වයක් පැවතිය යුතු අතර, එය ජලයෙන් ලබා ගත්තේ නම් සියලූ වස්තූන් සතුව තිබිය යුතුය. තේල්ස් චුම්බකයක් උදාහරණයක් ලෙස ගනිමින් පැහැදිලි කරන්නේ එයයි. චුම්බකයක් යනු අජීවී වස්තුවකි. කෙසේ වෙතත්, යකඩ චලනය කිරීමේ චේතනාව එයට ඇත. එම නිසා, සෑම දෙයකම ආත්මයක් ඇති බවට තර්ක කළ හැකිය.

තේල්ස් ක‍්‍රමානුකූල දර්ශනයක් වර්ධනය කර ඇති බවක් නොපෙනේ. කෙසේ වෙතත්, ඔහු මිථ්‍යා මතයන් වඩා හොඳ ආකාරයකින් ඉදිරිපත් කළේය. ඔහු මිථ්‍යා පැහැදිලි කිරීම්වලට පෙර සොබාදහම පිළිබඳ තාර්කික විමසීම් ගෙන ආවේය. ඔහු දාර්ශනික ප‍්‍රශ්න මතු කළ නමුත් පිළිතුරු සොබාදහමට සමීප විය. බටහිර දර්ශනවාදයේ ඉතිහාසය තුළ තේල්ස් වැදගත් වන්නේ ඔහු පොදුවේ පිළිගත් මිථ්‍යා සම්ප‍්‍රදායන්ගෙන් ඉවත් වූ බැවිනි. තේල්ස් යනු විවිධ ක්ෂේත‍්‍රයන්හි දැනුම ඉදිරිපත් කළ විද්වතෙකි. ඔහු තාරකා විද්‍යාඥයකු, ගණිතඥයකු මතු නොව බටහිර දර්ශනවාදයේ ඉතිහාසය තුළ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.

2. සොක‍්‍රටීස්

සොක‍්‍රටීස් ඇතීනියානු දාර්ශනිකයෙක් වූ අතර ඔහු බටහිර දාර්ශනික සම්ප‍්‍රදාය සොයා ගැනීමේ පුරෝගාමියෙකි. ඔහු කිසිදු ග‍්‍රන්ථයක් රචනා කර නැති අතර ඔහුගේ දර්ශනය අනුගමනය කළ වෙනත් දාර්ශනිකයන්ගේ ලේඛන තුළින් පමණක් ඔහුගේ දර්ශනය ඉදිරිපත් වී ඇත. ප්ලේටෝ, සෙනෝෆොන් සහ ඇරිස්ටෝෆනේස් ඔවුන්ගේ කෘති තුළින් සොක‍්‍රටීස්ගේ දර්ශනය නිරූපණය කර ඇත. ඔහු ඥාන විභාගය හා ආචාර ධර්ම යන ක්ෂේත‍්‍ර කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූ බව පෙනේ. සොක‍්‍රටික දෙබස් (Socratic Dialogues), සොක‍්‍රටික ක‍්‍රමය (Socratic Method), විරුද්ධාභාසය ඔහුගේ කැපී පෙනෙන අදහස් විය. ඔහු ගැඹුරු දාර්ශනික ප‍්‍රශ්නවලට පිළිතුරු දී ඇත. ‘ගුණවත්කම යනු කුමක්ද, යුක්තිය යනු කුමක්ද’ වැනි දාර්ශනික ප‍්‍රශ්න පිළිබඳව ඔහුගේ අවධානය යොමුවිය. ඔහු ප‍්‍රසිද්ධ සංවාදවල යෙදී සිටියදී ඔහුගේ ඉගැන්වීමේ ක‍්‍රමයන් අනෙක් අයට වඩා තරමක් වෙනස් විය. ඔහු ජීවිතය පිළිබඳ අදහස්, අර්ථකථන සඳහා ප‍්‍රසිද්ධියක් උසුලයි. නිදසුනක් ලෙස ‘පරීක්ෂා නොකළ ජීවිතයක් ගත කිරීම වටින්නේ නැත’ (An unexamined life is not worth living) යන ඔහුගේ සුප‍්‍රසිද්ධ වැකිය දැක්විය හැකිය.

සොක‍්‍රටීස්ගේ චරිතය ප්ලේටෝගේ දෙබස් තුළ සවිස්තරාත්මකව නිරූපණය කෙරේ. කෙසේ වෙතත්, සමහර බුද්ධිමතුන් සොක‍්‍රටීස්ගේ ජීවිතය හා දර්ශනය පිළිබඳ ප්ලේටෝගේ නිරූපණය සහ සොක‍්‍රටීස්ගේ සැබෑ ජීවිතය හා දර්ශනය අතර වෙනස පිළිබඳව ප‍්‍රශ්න කරයි. ඔහුගේ චරිතය පසුකාලීන ග‍්‍රීක දාර්ශනිකයන්ට සහ නූතන යුගයේ අනෙකුත් දාර්ශනිකයන්ට ලබා දී ඇති බලපෑම ඉතා වැදගත් වේ. ඉහත සඳහන් කළ පරිදි, ඔහුගේ ජීවිතය හා දර්ශනය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට මූලික මූලාශ‍්‍ර නොමැත. ඇත්තේ ඔහුගේ දර්ශනය පිළිබඳ මූලාශ‍්‍ර සපයන ද්විතියික ප‍්‍රභවයන් පමණි. මෙම ද්විතියික ප‍්‍රභවයන් සොක‍්‍රටීස්ගේ චරිතය සම්බන්ධ කර ගන්නා සංවාද ක‍්‍රමයක් මගින් ඔහුගේ දර්ශනයේ දළ සටහනක් ලබා දෙයි.

ඔහුගේ දාර්ශනික වටිනාකම් දෙස බලන විට ඔහුගේ ගැඹුරු තර්ක කිරීමේ කුසලතාව ප‍්‍රබල විය. මිනිසුන්ගේ නොදැනුවත්කම හා අනුවණකම පිළිබඳව මිනිසුන්ට දැනවීම නිසා ඇතීනියානුවෝ සොක‍්‍රටීස්ට වෛර කළහ. ඇතන්ස්හි තරුණයන්ගේ මනස දූෂණය කිරීම, ඇතීනියානු දෙවිවරුන් ප‍්‍රතික්ෂේප කිරීම සහ ඇතන්ස්හි පාලන අධිකාරියට එරෙහිව ඔහුගේ අනුගාමිකයන් අතර අගෞරව කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කරන ලදී. එසේ වුවද, තරුණයන් නොමඟ යැවීම හෝ මනස දූෂණය කිරීම ඔහුගේ අභිප‍්‍රාය නොවීය. ඔහුගේ මරණ දඬුවමෙන් ගැලවීමට සොක‍්‍රටීස් උත්සාහ කළේ නැත. ඔහුට මරණ දඬුවමෙන් මිදීමට හැකියාවක් තිබුණද, ඔහු සිද්ධියෙන් බේරීම වෙනුවට නඩු විභාගයට යෑමට තීරණය කරයි. කෙසේ වෙතත්, නොගැළපෙන අදහසක් ලෙස පැන යෑමේ අදහස ඔහු ප‍්‍රතික්ෂේප කළේය. ඔහු පැන යෑම නීතියට අගෞරවයක් ලෙසත්, කිසිම වරදක් කිරීමට අකමැති නිසා ඔහුගේ කීර්ති නාමයට හානියක් ලෙසත් සිතීය.

සොක‍්‍රටීස්ට අනුව දර්ශනය සමාජයේ යහපැවැත්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ප‍්‍රායෝගික අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඔහුගේ උත්සාහය වූයේ දේවධර්මවාදී මූලධර්මයක් වෙනුවට හේතු පදනම් කරගත් ආචාර ධර්ම පද්ධතියක් ස්ථාපිත කිරීමයි. තමන් පිළිබඳව අවබෝධයක් තිබීම තර්කානුකූලව ගත් තේරීම් තුළින් සතුට ගෙන එ්මට ඔහුට හෝ ඇයට ඇති හැකියාව වැඩි කරයි. සතුට සඳහා ඇති ආශාව මිනිසා විසින් ගනු ලබන තේරීම් පිටුපස ඇති මූලික අභිපේ‍්‍රරණයයි. මෙම අදහස ඔහුගේ සමස්ත දර්ශනයට බලපා ඇත. ඔහුගේ දේශපාලන දර්ශනය දෙස බලන විට, පාලනය කලාවක් ලෙස හඳුනාගෙන ඇති අතර එයට දැනුම අවශ්‍ය වන බව ද හඳුනා ගෙන ඇත. පාලකයා ක‍්‍රියා කළ යුත්තේ පුරවැසියන්ගේ ආශාවන් ඉටුකර ගත හැකි ආකාරයට වන අතර ඔහු කළ යුත්තේ පුරවැසියන්ට වඩාත් සුදුසු දේ පමණි.

හොඳම ආණ්ඩු ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හෝ කෲර පාලනයක් නොවන බව ඔහු විශ්වාස කළේය. දැනුමැති, ගුණවත්, දක්ෂ හා පුරවැසියන්ව මුළුමනින්ම වටහා ගත් පුද්ගලයන් විසින් පාලනය කරනු ලබන හොඳම ආකාරයේ ආණ්ඩුවක් ඔහු යෝජනා කළේය. ආත්මය රැකබලා ගැනීම (Care for the soul) ඔහුගේ තවත් කැපී පෙනෙන ඉගැන්වීමකි. සොක‍්‍රටීස්ට අනුව, අන් සියල්ලටම වඩා මිනිසකු තම ආත්මය රැුකබලා ගැනීම අවශ්‍ය වේ (ප‍්‍රධාන වශයෙන් Apology yd Crito හි අන්තර්ගත වේ). බොහෝ මිනිස්සු ඔවුන්ගේ ආත්මය ගැන සැලකිල්ලක් නොදක්වන නමුත් ධනය, කීර්තිය, සහ ශරීරය පිළිබඳව සැලකිලිමත් වෙති. තමා කිසිවක් නොදන්නා බව තමාට ස්ථිර යැයි ඔහු පැවසීය. තමා නොදන්නා බව දැන ගැනීම දැනුම ලබාගැනීමේ ආරම්භය ලෙස ඔහු හැඳින්විය.

දැනුම හා ප‍්‍රඥාව අතර වෙනසක් ඔහු දුටුවේය. දැනුම විද්‍යාත්මක ආකාරයේ අවබෝධයක් ලබා දෙන අතර එය ධාරිතාවයෙන් සීමිත බව ඔහු හඳුනාගන්නා ලදී. නමුත් ප‍්‍රඥාව සීමිත නොවන පරිපූර්ණ ආකාරයක දැනුමක් ලබා දෙන බව සොක‍්‍රටීස් කියයි. බර්ට‍්‍රන්ඞ් රසල් වරක් ප‍්‍රකාශ කර ඇත්තේ දර්ශනය යන්නෙන් අදහස් කරන්නේ සත්‍යය පිළිබඳ දැනුම නොව සොක‍්‍රටීස්ට අනුව සත්‍යය පිළිබඳ දර්ශනය බවයි. ඔහු පිරිසිදු සංවේදී සංජානනය (Pure Sensory Perception) ප‍්‍රතික්ෂේප කළේය. එය සොෆිස්ට් ක‍්‍රමයයි. ඔහු පුද්ගලයන් පිළිබඳව පුද්ගලයන් විසින් ගැන දැන ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය (Knowing by being). විවේචනාත්මක චින්තනයේ ආරම්භය මෙයයි. ඉමානුවෙල් කාන්ට් පවා සිය පෙරවදනෙහි මේ පිළිබඳව සඳහන් කර ඇත. බුද්ධියට සීමාවන් ඇති නිසා මෙය බුද්ධිය පිළිබඳව නොවේ. ඔහුට අනුව, ජීවිතය පිළිබඳ ප‍්‍රායෝගික අවබෝධය ඉතා වැදගත් ය. එ් සඳහා, අනුභූතික සංජානනය (Sense Perception) සහ තාර්කිකත්වය (Rationality) යන ද්විත්වය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ඔහු තමාගේම නොදැනුවත්කම හඳුනා ගැනීමට තරම් බුද්ධිමත් විය. ඔහු මිනිසුන්ගේ විශ්වාසයන් ප‍්‍රශ්න කිරීමෙන් මිනිසුන් කෝපයට පත් කළේ ඔහුට වැඩි දැනුමක් ලබා ගැනීම සඳහා තාර්කිකව සිතීමට හා ප‍්‍රශ්න කිරීමට පෙළඹවීමට අවශ්‍ය වූ බැවිනි. ප්ලැටෝනික් සංවාද වලදී, සොක‍්‍රටීස් බුද්ධිමය ප‍්‍රගතිය විශ්ලේෂණය කළ නමුත් ප‍්‍රශ්න හා පිළිතුරු ක‍්‍රමය දර්ශනයෙහි ක‍්‍රමය ලෙස විශ්වාස කළ බව සඳහන් වේ. ඔහු ගැඹුරු දැක්මක් සහිත දැනුමක් ඉගැන්වීය. ඔහුගේ දාර්ශනික ක‍්‍රමය සැලසුම් කර ඇත්තේ නොදැනුවත්කම හෙළිදරව් කිරීමට සහ සැබෑ දැනුම සඳහා මාවත ඉදිරිපත් කිරීමට ය. තමා නොදන්නා බව පිළිගැනීම දැනුම සොයා යෑමට හොඳම ක‍්‍රමය ලෙස ඔහු දැක්වීය.

සොක‍්‍රටීස්ට අනුව දැනුම හා ගුණවත්කම එකිනෙකට සමාන්තර වේ. යහපත්කම, ගුණවත්කම සහ දැනුම සමීපව සම්බන්ධ මාතෘකා ලෙස සැලකේ.

මතුසම්බන්ධයි

එන්. එම්. බුද්ධිනී කරුණාතිලක
තාවකාලික කථිකාචාර්ය, දර්ශන දෙපාර්තමේන්තුව,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය, බටහිර දර්ශනයෙහි ආරම්භය

advertistmentadvertistment
advertistmentadvertistment