බටහිර බෙංගාලයේ දුම්රිය ගැටුමෙන් 15ක් මරුට – 60කට තුවාල

134

බටහිර බෙංගාල ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 15 දෙනකු මියගොස් තවත් 60ක් තුවාල ලබා ඇත.

බඩු ප්‍රවාහන දුම්රියක් හා මගී දුම්රියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (17දා) මෙම අනතුර සිදුව තිබේ.

දුම්රිය අනතුර නිසා විපතටපත් පුද්ගලයන් බේරාගැනීමට අපහසු වී ඇත්තේ එම ප්‍රදේශයට අධිකවර්ෂාව ඇදහැලීම නිසාය. මේ අනතුර නිසා ඉන්දියාවේ දිගු දුම්රිය ගමන්වලට බාධාවක් මතුව තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment