බටහිර සම්බාධකවලින් බේරීමට රුසියානු ප්‍රකෝටිපතියෝ ඩුබායි නගරයට පලා යති

634

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ සිද්ධියට එරෙහිව බටහිර රටවල් විසින් පනවනු ලබන සම්බාධකවලින් බේරීම සඳහා රුසියානු ප්‍රකෝටිපතීන් හා ව්‍යාපාරිකයන් වැළ නොකැඩී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය වෙත පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම රුසියානු ප්‍රකෝටිපතීන් හා ව්‍යාපාරිකයන් ඩුබායි නගරයට පැමිණීම වැඩිවීමත් සමගම ඔවුන් විසින් නගරයේ ඇති දේපල මිලදී ගැනීම මෙම වසරේ මුල් මාස තුන තුළදී සියයට 67කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් යුක්රේනය ආක්‍රමණය කර සිටින රුසියාවට එරෙහිව සෙසු ධනවත් රටවල් මෙන් සම්බාධක පනවා නොමැති අතර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම විවේචනයට ලක් කිරීමට හෝ පියවර ගෙන නොතිබීම රුසියානු ධනවතුන් විශාල පිරිසක් එරටට ඇදී ඒමට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. රුසියානු ප්‍රකෝටිපතීන්ගේ ආගමනයත් සමගම ඩුබායි නගරයේ සුඛෝපභෝගී මන්දීර හා ව්‍යාපාරික ස්ථාන මිලදී ගැනීම කිහිප ගුණයකින් ඉහළ

ගොස් ඇති අතර නගරයේ අලුතින් අරඹන රුසියානුවන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment