බඩු මිල පාලනයට රාජ්‍ය යාන්ත‍්‍රණය මැදිහත් වෙන්න

65

බඩු මිල වැඩිවීම යම් තරමකට හෝ පාලනයක් කිරීමට රාජ්‍ය යාන්ත‍්‍රණය වහාම මැදිහත් කරවීමට පියවර ගන්නැයි තමා ඉල්ලා සිටින බව ලංකා සමසමාජ පක්‍ෂයේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

ජංගම වෙළෙඳසල් හෝ ගමින් ගමට රජය මගින් යොමු කළ යුතු බවද අලෙවි හල් දැනට ක‍්‍රියාත්මක වන සතොසට වඩා දියත් කරලීමට වහා ක‍්‍රියා කළ යුතු බවද විතාරණ මහතා පවසයි. රජය අඩුම තරමින් සියයට 30% කින්වත් වෙළෙඳ පොළට පිවිසුණොත් පෞද්ගලික අංශයට ඊට අනුගත වීමට ක‍්‍රමයෙන් සිදුවන බවද ඔහු කීය. බදු අලෙවි දෙපාර්තමේන්තුව මාක්ෆෙඩ් වැනි ආයතන මෙවැනි අවස්ථාවල අතීතයේ විශාල කාර්යක් කළ බවද පවසන විතාරණ මහතා සතොස හා සමුපකාර වැඩපිළිවෙළ වඩා වැඩි සක‍්‍රීයව නව පියවර ගත යුතු බවද කියයි. උද්ගතව පවතින තත්ත්වය හමුවේ ජනතාවට එක වේලක් කා ජීවත්වීමට බැරි පවුල් විශාල සංඛ්‍යාවක් අද තිබියදී පෞද්ගලික අංශයට ඉඩදී රාජ්‍ය යාන්ත‍්‍රණය නිහ`ඩව සිටීම කනගාටුදායක බවද හෙතෙම කීවේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment