බඬේ අමාරුව සහ වමනය හැදුණු අවුරුදු තුනේ සිඟිත්තා කොරෝනාට බිලි

111

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීම සඳහා දෙමාපියන් විසින් රැගෙන ආ අවුරුදු තුනයි මාස තුනක් වයසැති සිඟිති ළදරුවකු කොරෝනා ආසාදිත වීමෙන් මිය ගිය බව ඇල්පිටිය රෝහල් ප‍්‍රකාශකයකු කීය.

බඬේ අමාරුව සහ වමනය රෝගී තත්වයක් ඇතිවීම නිසා පිටිගල කළුආරච්චිගොඩ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දහතුනයි මාස තුනක් වයසැති සිඟිති දරුවකු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීම සඳහා රැුගෙන එද්දී මියගොස් ඇත. පසුව කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයේ දී මෙම දරුවාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබූ සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇත්තේ ශශ්මික නෙත්සසර නමැති පිරිමි දරුවෙකි. දේහය පිළිබඳ අවසන් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුව වැයිහේන ආදාහනාගාරයේදී සිදු කෙරිණි. සෞඛ්‍ය අංශ මගින් දෙමාපියන් මේ වනවිට නිවෙස්වලම නිරෝධායනයට යොමු කර ඇත.

චන්දන සමන් කුමාර – පැලවත්ත
 

advertistmentadvertistment