බදියුදීන් දුව බලන්න අවසර දුන්නේ නෑ…. ඉෂාලිනී දියණියට යුක්‌තිය ඉටු කරන්න ඩයගම වතු කම්කරුවෝ වීදි බසිති

486

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ කොළඹ බොරැුල්ල පිහිටි නිවසක මෙහෙකාර සේවයේ නිරතව සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය අවු 16 හැවිරිදි බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පවත්වන පරීක්ෂණ විධිමත් කරන ලෙසට බලකරමින් හැටන් ඩයගම ප‍්‍රදේශයේ වතු කිහිපයක වතු කම්කරුවන් සහ වෘත්තිය සමිති ගණනාවක නියෝජිතයන් (20) දින දැරිය පදිංචිව සිටි ඩයගම ප‍්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත විය.

බදියුදීන් දුව බලන්න අවසර දුන්නේ නෑ.... ඉෂාලිනී දියණියට යුක්‌තිය ඉටු කරන්න ඩයගම වතු කම්කරුවෝ වීදි බසිති


වතුයායෙන් ආරම්භ කළ උද්ඝෝෂණය හැටන් ඩයගම නගර දක්වා ගමන් කර ඩයගම නගර මධ්‍යයේදීද උද්ඝෝෂණය සිදු කළහ.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මසකට රු. 20000 ක වැටුපකට එම වතු යායේම පදිංචි

තැරැුව්කරුවෙකුගේ මාර්ගයෙන් 2020 ඔක්තෝබර් මස රිෂාඞ් බදියුදීන් මහතාගේ කොළඹ බොරැුල්ලේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයට ගොස් ඇත.

2004.11.12 දින උපත ලද ජේ. ඉෂාලිනි නමැති ජීවිතක්ෂයට පත් තරුණිය රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී ඉකුත් (03* දින ඇයගේ සිරුරට ගිනි ඇවිලීම නිසා දැඩි පිළිස්සුම් තුවාල සහිතව ජේ. ඉෂාලිනිව බදියුදීන් මහතාගේ නිවසේ අය විසින් බොරැුල්ල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය 15 වැනිදින ජිවිතක්ෂයට පත් වී ඇත.

බාලවයස්කාර දැරිය ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව  සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය ලිංගික ප‍්‍රවේශයකට ලක් වී ඇති බවට තහවුරු වී ඇති නිසා ඇයට ලිංගික ප‍්‍රවේශය සිදු කළ අය අත්අඩංගුවට ගන්නා ලෙසයි විරෝධතාවයේ නියැළී සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

බදියුදීන් දුව බලන්න අවසර දුන්නේ නෑ.... ඉෂාලිනී දියණියට යුක්‌තිය ඉටු කරන්න ඩයගම වතු කම්කරුවෝ වීදි බසිති

තවද වතු ආශ‍්‍රිත ප‍්‍රදේශවල මෙවැනි තරුණියන් සහ වතු කම්කරු කාන්තාවන් විශාල පිරිසක් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප‍්‍රදේශවල රැුකියාවල නිරතව සිටින බවත්, එම කාන්තාවන්ටද මෙවැනි ඉරණමක් ඉදිරියේදි සිදු නොවිය යුතු බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

බදියුදීන් දුව බලන්න අවසර දුන්නේ නෑ.... ඉෂාලිනී දියණියට යුක්‌තිය ඉටු කරන්න ඩයගම වතු කම්කරුවෝ වීදි බසිති


මිය ගිය තම සොහොයුරිය හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ කොළඹ නිවසේ මෙහෙකාර සේවයට ගිය දින සිට මිය යන තෙක්ම යළි තම නිවසට නොපැමිණි බවත්, ඇය බැලීමට තම දෙමව්පියන් සහ තමන් බදියුදීන් මහතාගේ නිවසට ගිය අවස්ථාවේ ඇය බැලීමට බදියුදීන් මහතාගේ නිවසේ අය අවස්ථාව ලබා නොදුන් බව මියගිය ජේ. ඉෂාලිනිගේ සොහොයුරු තිරුප‍්‍රසාද් පැවසීය.

මියගිය ජේ. ඉෂාලිනිගේ අවසන් කටයුතු ඉකුත් (17* දින ඇය පදිංචි ඩයගම බටහිර කොටසේ වතු යායේ පොදු සුසාන භූමියේදී සිදු කළ අතර, ඇයගේ මරණය සම්බන්ධයෙන් බොරැුල්ල පොලිසිය සහ නුවරඑලිය පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා වෙන් වෙන්ව පරීක්ෂණ ආරම්භ කර ඇත.

ජායාරූප හා සටහන නුවරඑලිය –  නාලක රත්නායක

බදියුදීන්ගේ කොළඹ ගෙදර ඉදිරිපිටත් විරෝධතා…

බදියුදීන් දුව බලන්න අවසර දුන්නේ නෑ.... ඉෂාලිනී දියණියට යුක්‌තිය ඉටු කරන්න ඩයගම වතු කම්කරුවෝ වීදි බසිති



පාර්ලිමේන්තු මන්ති‍්‍ර රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී බාලවයස්කාර දැරියක පිළිස්සී මියයෑමේ සිද්ධියට විරෝධය දක්වා නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ ඊයේ (20 වැනිදා* කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක නිරත අයුරු.


 


advertistmentadvertistment