මෙම මනස්කාන්ත දසුන දැක ගන්නට නම් ඔබ බදුල්ල නගරයට පැමිණිය යුතුය. කලකට පෙර කැප්පෙටිපොළ මාවත දෙපස රෝපණය කළ සිඟිති මැයි මල් පැළ පෙළ යෞවන රුක්ෂ බවට පත්ව වසරක් පාසා මෙවැනිම කාලවලදී රත් පැහැ පුෂ්පවලින් සැරසී අහංකාර සුන්දර ළඳක් ලෙසින් මඟ දෙපස දෑස් දල්වා බලා සිටින දසුන ලොකු කුඩා සැමගේ සිත් ඇඳ බැඳ ගනී.
බදුල්ල-එච්. එම්. සමරකෝන් බණ්ඩාර