බදුල්ල රෝහලත් ඈඳාගෙන දොස්තර කෙනෙක් හොර ගේමක

617

සල්ලි ගරන්නේ ෆේස්බුක් එකෙන් සීඅයිඩියට පැමිණිල්ලක්

බදුල්ල මහ රෝහලට ‘ඇන්ජියෝග්‍රෑම්’ යන්ත්‍රයක් (හෘද රෝග ඒකකය සඳහා) මිලදී ගැනීම සඳහා යැයි පවසමින්, රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ නාමයද අවභාවිත කරමින්, ව්‍යාජ ‘ෆේස් බුක්’ ගිණුම් දෙකක් මගින් මහජනතාවගෙන් මුදල් එක් රැස් කිරීමේ යෙදී සිටි වෛiවරයකුට එරෙහිව පරීක්‍ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් ‘අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි ව්‍යාපාරය’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතය.

බදුල්ල මහ රෝහලට අවශ්‍ය අදාළ ‘ඇන්ජියෝග්‍රෑම්’ යන්ත්‍රයක් ලබාගැනීම සඳහා 2024 රජයේ අය වැය මගින් ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 300ක මුදලක් වෙන්කර තිබියදී බදුල්ල පළාත් රෝහලේ අදාළ වෛiවරයා විසින් මෙලෙස මහජනතාවගේ හැඟීම් අවභාවිත කරමින් මුදල් එකතු කිරීමේ යෙදී ඇතැයි ඔවුහු සඳහන් කරති.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment