නිෂ්පාදන බදු වැඩි කිරීම නිසා මේ වසරේ මෙරට දුම්පානය සියයට 12.4 කින් අඩු වී ඇති වුවද එමගින් රජයට ලැබෙන ආදායමේ අඩුවක් වී නැතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30ට රැස් විය. නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.
ඉන්පසු දිනට නියමිත වූ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග, නිෂ්පාදන බදු, සුරාබදු ආඥාපනත යටතේ නියෝග පිළිබඳ විවාදය ආරම්භ කෙරිණි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන