පැල්මඩුල්ල පාතකඩ ප‍්‍රදේශයේ සය හැවිරිදි දැරියක් කොවිඞ් ආසාදිතව මරුමුවට පත්ව තිබේ. හදිසියේම අසනීපව කහවත්ත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය සය හැවිරිදි දැරියගේ මරණයට හේතුව කොවිඞ් ආසාදිත වීම බව පී.සී.ආර්. පරීක්ෂණයේදී හෙළි වී තිබේ.
පැල්මඩුල්ල” පාතකඩ” ගොඩගම ග‍්‍රාමසේවා වසමේ ගල්ලෑල්ල අරඹ පදිංචි මෙම දැරියගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව පෙරේදා (16 දා) දහවල් ලැබුණු බවත්” ඒ අනුව ඇයගේ මරණයට හේතුව කොවිඞ් ආසාදිත වීම බව කහවත්ත හදිසි මරණ පරීක්ෂක ආර්. එස්. ගොඩගේ මහතා පැවසීය. දුව බනිස් ගෙඩියක් කමින් සිටියදී එකවරම හිස පහතට කඩාවැටුණු බව බිරිඳ පැවසුවා යැයි මියගිය දියණියගේ පියා වන ආනන්ද ජයතිලක හදිසි මරණ පරීක්ෂණයේදී සාක්‍ෂි ලබාදී තිබිණි. එදිනම කහවත්ත මූලික රෝහලට ඇතුළත් කළ දැරිය එදින දහවල් මියගොස් සිටි බව හදිසි මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබිණ.
කහවත්ත – සමරවීර නිරෝෂණ