බම්බලපිටිය සිරි වජිරාරාමයේ සීල සමාදාන වැඩසටහන

62

බම්බලපිටිය සිරි වජිරාරාමයේ නවම් පෝදා සීල සමාදානය 23 දින දවස පුරා පැවැත්වේ. පෙ.ව. 06.00 – 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව – පූජ්‍යපාද තිරිකුණාමලේ ආනන්ද මහ නායක හිමිපාණෝ, පෙ.ව. 08.00 – 09.00 ධර්මානුශාසනාව – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය කිරම අරියදේව හිමිපාණෝ, පෙ.ව. 09.00 – 11.15 – භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව – කිතුල්ගොඩ අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය වැලිමඩ පසන්නමානස හිමිපාණෝ, ප.ව. 12.30 – 01.15 සතිපට්ඨාන සූත්‍ර දේශනාව – සිරි වජිරාරාමාධිකාරී, සිරි වජිරාරාම දහම් පාසල් අධ්‍යක්‍ෂ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ, ප.ව. 01.15 – 02.30 ධර්ම සාකච්ඡාව – සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණෝ, ප.ව. 03.00 – 04.00 භාවනාව සහ අනුශාසනාව – සිරි වජිරාරාමවාසී විනයාචාර්ය පූජ්‍ය පිටිපන සාසනරතන හිමිපාණෝ, ප.ව. 04.00 – 05.00 ධර්මානුශාසනාව – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණෝ, ප.ව. 05.00 – 06.00 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම – සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා සිදු කරති.

advertistmentadvertistment
advertistmentadvertistment