බම්බලපිටිය සිරි වජිරා රාමයේ ඇසළ පොහෝදා පිංකම් 20 වැනිදා දවස පුරා පැවැත්වේ.
තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන් පෙරවරු 6.00ට අනුශාසනාව හා බුද්ධ පූජාව පැවැත්වීමෙන් පසු පෙ.ව. 8.00ට දියතලාවේ පියදස්සී හිමි ද පෙ.ව. 9.00 පූජ්‍ය වේරදූවේ මහින්ද හිමි ද දම්දෙසුම් පවත්වති. පෙ.ව. 10.00ට භාවනාව අනුශාසනාව හා බුද්ධ පූජාව පූජ්‍ය රාජාංගණයේ සීලවිමල හිමියන් විසින් ද ප.ව. 12.30ට දම්සක් පැවැතුම් සූත්‍රය දේශනාව කඹුරුගමුවේ මහානාග හිමියන් විසින් ද පවත්වනු ලබති. ප.ව. 1.15ට ධර්ම සාකච්ඡාව පූජ්‍ය වෙහෙරකැලේ සද්ධාලංකාර හිමියන් විසින් ද ප.ව. 3.00ට ගිහි දේශනය මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා විසින් ද ප.ව. 4.00ට භාවනාව පූජ්‍ය පිටිපන සාසනරතන හිමියන් විසින් ද සිදුකරනු ලබති. මීට අමතරව සීල සමාදාන පිංකම් ද එහි පැවැත්වේ.