නල්ලතන්නිය පොලිස් වසමට ලක්ෂපාන තේ වතුයායේ හැමිල්ටන් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද උදෑසන එල්ල වු බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 06 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
මාර ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිස්සි තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගත කර සිටින සිටින කම්කරු කාන්තාවෝ පැවසූහ.
තුවාල කරැවන්ගේ තත්ත්වය බරපතල නොවන බව මස්කෙළිය රෝහල සඳහන් කරයි.