පාසල් ඇරී එනවිට ඛේදවාචකයක්:
එකම පවුලේ තව 6දෙනෙක් රෝහලේ
එකම පවුලේ සිව්දෙනකු ඇතුළු අටදෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව අට හැවිරිදි පාසල් සිසුවකු මිය ගොස් ඇතැයි ගම්පොළ පුස්සැල්ලාව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පුස්සැල්ලාව බ්ලැක්ෆොරස් වත්තේ පදිංචිව සිටි සස්මිදන් තීරුචෙල්වම් නමැති පාසල් දරුවායි. ඔහු පුස්සැල්ලාව හින්දු විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි. මෙම දරුවාගේ මව පියා සහෝදරයා ඇතුළු අටදෙනකු බඹර ප්‍රහාරයට ලක්ව ඉන් හයදෙනකු ගම්පොළ හා වහුගපිටිය රෝහල්වලට ඇතුළත් කර තිබේ.
සස්මිඳන් සහ ඔහුගේ සහෝදරයා වන දස්මිදන් පාසල නිම වී සිය පියා සමග නිවස කරා එමින් සිට ඇත. ගම්පොළ නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ මොවුන්ගේ
නිවස අසල ඇති විශාල මාර ගසක බඹර වධ හයක් පමණ බැඳ ඇති අතර ඉන් එක් කූඩුවක මැස්සන් ඇවිස්සී මෙම පිය පුතු තිදෙනාට ප්‍රහාර එල්ල වී තිබේ.
මොවුන්ගේ නිවස අසල දී සිදුවූ මෙම ප්‍රහාරය සමග කෑගැසමින් මොවුන් තිදෙනා දිව යන විට එම කෑ ගැසීම බැලීමට ඔවුන්ගේ මව පැමිණ ඇත. ඇයට හා ඇගේ ඥාතීන්ට ද බඹරුන් දිගටම ප්‍රහාර එල්ල කර තිබේ.
පසුව අසල්වාසීන් එක්ව ගිනි අවුලුරෑවා බඹරුන් පලවා හැර ප්‍රහාරයට ලක්වූ සියලුරෑ දෙනා රෝහල් ගත කළ ද මෙම සිසුවා රෝහලේ දී මිය ගොස් තිබේ. මෙම සිද්ධිය නිරීක්ෂණය සඳහා ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා එම ස්ථානයට පැමිණි අතර සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර පේරාදෙණිය රෝහල වෙත යවා තිබේ. පුස්සැල්ලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ගම්පොළ – සුරංග දිල්හාන්