කොවිඩ් 19 වෛරස රෝගය ආසාදන වී නිරෝධායන ප්‍රතිකාර ලබමින් සිටින ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා යළි සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ලබන සතියේ ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.ඉකුත් බදාදා ඔහුට කොවිඩ් ආසාදන වී ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය. මේ අතර ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණ සටනින් ඉවත් විය යුතු බව ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයින් රැසක් සදහන් කරති.ඒ සදහා ඔවුන් හේතු ලෙස පවසන්නේ රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග තරග කිරීමට ජෝ බයිඩන් මහතාට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් නැති බවය.ඔහු දැන් දුර්වල බව ද ඔවුහු පවසති.
|