ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ඝාතනය කරන බවට තර්ජනය කරමින් ධවල මන්දිරයේ ආරක්‍ෂක බාධකය වෙත ට්‍රක් රථයක් පදවමින් කඩාවැදීමට උත්සාහ කළ 19 හැවිරිදි ඉන්දීය තරුණයකු ආරක්‍ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු මිපුරි ප්‍රාන්තයේ පදිංචි වර්ෂි කන්බුලා නමැත්තෙකි. ඇමරිකානු එෆ් බී අයි පොලිසිය පැවසුවේ ඔහු හිට්ලර් අනුගාමිකයකු බවයි. ට්‍රක්රියේ තිබී තායි ධජයක්ද හමුවී තිබේ. බයිඩන් ඝාතනය කිරීමත්, රජයේ පාලනය සියතට ගැනීමත් තම අරමුණ බව ඔහු පවසා ඇත. එහෙත් අවි ආයුධ කිසිවක් හමුවී නැත. මොහු ට්‍රක්රිය කුලියට ගෙන තිබූ බව අනාවරණය වී තිබේ. මෙම සිද්ධිය වන අවස්ථාවේ ජනපති බයිඩන් ධවල මන්දිරයේ සිටි බව හෙළිවී ඇත.
සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය