බය නැතිව හෙට දරුවන් පාසල් එවන්න… නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා

210

සෞඛ්‍ය පුරුදු පිළිබඳ දැනුවත් කර හෙට (21 වැනිදා)බය නැතිව දරුවන් පාසලට එවන්නැයි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ පාසල් දරුවෝ දිරිමත් කිරීම ඉතාම වැදගත්’’ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය ‘‘දිවයින’’ට පැවසූවාය.
එසේම යම් දරුවකුට උණ, කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව තිබේ නම් පාසල් එවීමෙන් වළකින ලෙසද ඇය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළාය.
මෙහිදී තවදුරටත් කතා කළ විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය මෙසේද කියා සිටියාය.

දරුවන්ට එන්නත් කරලා තිබුණත් නැතත් බය නැතුව පාසල් එවන්න කියලා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මොකද අද වෙනකොට බොහෝ දරුවන්ගේ දෙමාපියන් කොවිඞ් මර්දන එන්නත ලබාගෙන අවසන්. ඒ නිසා දරුවන් පාසල් එවන්න බය වෙන්න එපා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment