ආර්මේනියානු ව්‍යවස්ථාවෙන් තමාට පුළුල් බලතල ලබා දී නැතැයි කියමින් ජනපති ආර්මන් සර්කිසියාන් ධුරයෙන් ඉල්ලා ඇස්වී ඇත. 2018 දී ඔහු ජනපති ධුරයට පත් විය.
ආර්මේනියානු ව්‍යවස්ථාව අනුව පුළුල් බලතල ඇත්තේ අගමැතිට ය. 2015 පැවැති ආර්මේනියානු ජනමත විචාරණයෙන් ජනපතිගේ බලතල අඩු කෙරිණි. මෙම ඉල්ලා අස්වීම ගැන ආර්මේනියානු මාධ්‍ය පැවසුවේ ජනපති තම බලතල අඩු බව පැවසීමට මෙතෙක් කල් සිටියේ ඇයි ද යන්න ප්‍රෙහෙලිකාවක් බවයි.