බලමු… අපි සටනක් දීලා – එංගලන්ත තරගාවලියට යන්න පෙර ‘සනත්’ කියයි

349

එංගලන්තයට එරෙහිව ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඊයේ උදෑසන එංගලන්තය බලා යෑමට කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියහ. එහිදී ජාතික කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායම සිය උපරිමය කරනු ඇති බවයි.

මෙහිදී තාවකාලික පුහුණුකරු ලෙස මගේ අවසාන සංචාරය මෙය බවත් එම තරගාවලිය උපරිම අයුරින් හොඳින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.

දිගටම පුහුණුකරු තනතුරේ සිටීද යන්න ඇසූ ප්‍රශ්නයට ජයසූරිය කියාසිටියේ, මම ඒ ගැන තාම හිතලා නැහැ. මට දීලා තියෙන්නේ මේ තරගාවලිය පමණයි.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරග තුනක් පැවැත්වීමට නියමිත ඇත.

පළමු තරගය අගෝස්තු 21 වැනිදා මැන්චෙස්ටර්හිදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 29 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඇරඹේ. තුන් වැනි සහ අවසාන ටෙස්ට් තරගය ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 6 වැනිදා ආරම්භ වීමට නියමිතය.

සුසිල් ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment