බලවත් පිරිසක් හයිටි ජනපති ඝාතනය කළා… හයිටි අමාත්‍ය මතියස් පියරේ

203

හයිටි ජනපති ඝාතනය මෙහෙයවන ලද්දේ බලවත් පිරිසක් බවත් ඔවුන්ව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බවත් හයිටි ඇමැතිවරයකු හෙළිකර ඇත.
 
ඔහු තවදුරටත් පැවසුවේ අත්අඩංගුවේ සිටින දෙදෙනාව පමණක් මේ ඝාතන සැලසුම දියත් කළ නොහැකි බවයි. හයිටි රාජ්‍යයේ මැතිවරණ කටයුතු ඇමැති මතියස් පියරේ සඳහන් කළේ ජනපතිගේ
 
වැඩපිළිවෙළට එරෙහි අතිශයින් බලවත් පිරිසක් ඝාතන සැලසුම මෙහෙයවා ඇති බවයි. ජනපති මොයිසිගේ ඝාතනය ගැන 63 හැවිරිදි සනොස් නමැති දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් ඇමැති මතියස් පැවසුවේ සනොස් ඝාතන මෙහෙයුමේ ප‍්‍රධානියා නොවන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment