බලසම්පන්න කඨින පිංකමට මුලපුරන වැසි සළු පූජාව

314

බෞද්ධ ජනතාව සඳහා වැදගත් වන අටමහ කුසල් අතරින් ප‍්‍රධාන පිංකම කඨින පිංකමයි. කිසියම් අයෙකු කඨින පිංකමක මූලිකත්වය ගෙන කටයුතු කරන විට ආනන්තර්ය පාපකර්මයක් හැරුණුවිට අන් සියලූ අකුසලකර්ම අහෝසිවී යන පිංකමක් ලෙස කඨින පිංකම හඳුන්වනු ලබයි. කඨිනය යනු තද ගතිය නැතිනම් බලසම්පන්න ගතියයි.

බුද්ධත්වයෙන් වසර 20ක් යනතුරු වස් විසීමක් සිදුවූයේ නැත. මුල්ම භික්‍ෂූන් වහන්සේලා 60 නම අමතා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. අත්තාය හිතාය සුඛාය. දේවමනුස්සානං මා එකෙනෙ ද්වේ අගමිත්ථ’’ යනුවෙනි.

බොහෝ ජනයාට හිතසුව පිණිස ලෝකයාට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට හිත සුව පිණිස දෙදෙනෙකු එක මග නොගොස් චාරිකාවේ යෙදෙන ලෙසයි.

මීට අනුගතව දිවා ? නොතකා භික්‍ෂූන් ජනපද චාරිකාවේ හැසිරුනහ. මහාවග්ග පාලියට අනුව භික්‍ෂූන්ට වස් විසීම පිළිබඳ යෝජනාව ගෙනෙන්නේ චෝදනා මුඛයෙනි. අන්‍ය ශ‍්‍රමණ බමුණන් මෙන්ම සතා සිවුපාවන් ද වැසි සමය තුළ තම අසපු කූඩුවලට වී කටයුතු කරන මුත් ශ‍්‍රමණ බගවත් ගෞතමයන්ගේ ශ‍්‍රාවකයන් එසේ නොකරන බවයි. භික්‍ෂූන් වහන්සේලා තණකොළ පාගමින් ජනපද චාරිකාවේ හැසිරෙන බවට ඔවුන් චෝදනා කළහ. මේ කරුණු සැලකිල්ලට ගනිමින් උපසපන් භික්‍ෂුන් වහන්සේලා උදෙසා වස් කාලසීමාවට පමණක් බලපාන ආකාරයට ශික්ෂා පදයක් පැනවූහ. එසේ පනවා වස් කාලයෙහි වස් විසීමට අවසර ලබා දුන්හ. වස් විසීමට අනුදැන වැදෑරීමෙන් පසු වස් වෙසෙන කාලය පිළිබඳ තීරණය විය. එනම් පෙර වස් විසීම සහ පසු වස් විසීම යනුවෙනි.

පෙර වස් විසීම

වස්සාන සෘතුව ආරම්භ වන ඇසළ පෝයදාට පසු දින එනම් අවපෑල වියෙහි පෙර වස් සමාදන් විය යුතුය. එම සෘතුව අවසන් පොහොය වප් පුන් පොහොය දින පවාරණය කළ යුතුය.

පසු වස් විසීම

යම්කිසි විදියකින් පෙර වස් සමාදන් වීමට නොහැකිවූ භික්‍ෂූන් වහන්සේට නැවත අවස්ථාවක් දීම සඳහා පසු වස් විසීම අනුදැන වදාළ බව සඳහන් වේ. පෙර වස් විසීමට නොහැකි වූ විට මසක් ගතවීමෙන් උදාවන නිකිණි පොහොය දිනට පසුදා පසු වස් සමාදන් විය යුතුය. පෙර වස් සමාදන් වූවන් පසු වස් සමාදන් විය යුතු නොවේ. පසු වස් පවාරණය වස්සාන සෘතුවේ අවසන් පොහොය දින වන ඉල් පෙහොය දින පවාරණය කළ යුතුය.

වස් විසීමේ ආරම්භය

දිනක් බුදුන් වහන්සේ සැවැත් නුවරට වැඩම කල්හි විශාඛාව පැමිණ පසු දින දනට ආරාධනා කළාය. රැුය ඉක්මව ගිය පසු සව්දිග එකපැහැර වස්නා මහා මේඝයක් හට ගැණින. එවේලේ භික්‍ෂූන් ඇමතූ භාග්‍යවතුන් වහන්සේ මේ වර්ෂාව වනාහී සිව් දිවයිනටම එකවර වසින්නක් බවද එය වනාහී වැසි සමයේ අවසාන මේඝය යැයි පවසමින් කැමති භික්‍ෂුවක් වැස්සෙන් කය තෙමා ගන්නට යැයි ප‍්‍රකාශ කළහ. භික්ෂූහු සිවුරු බහා තබා එළිමහනට ගොස් වැස්සෙන් කය තෙමන්නට වූහ. දන් පිළියෙල කළ විශාඛාව දනට වඩින්නට කාලය සුදුසු බව දැන්වීමට දාසියක් විහාරයට යැව්වාය. සිවුරු උනා තබා වැස්සෙන් නහන භික්‍ෂූන් දුටු ඇය අද ආරාමයෙහි ආජීවකයෝ වසති. එහි භික්‍ෂූන් නැතැයි සලකා ඇය වහා දුවගෙන ගොස් ආර්යාවනි ආරාමයේ භික්‍ෂූන් නැත. ආජිවකොයා් වැස්සෙන් කය තෙමති කීවාය.

කරුණු තේරුම් ගත් විශාඛාව නැවතද විහාරයට ගොස් ආර්යයන්ට දනට වඩින්නට කල් පැමිණ තිබේ යැයි දන්වන ලෙස කීවාය. එවර භික්‍ෂූහු කය තෙමා අවසන්ව සිවුරු පොරවා සැහැල්ලූ ගතින් යුතුව විහාරයට පිවිස සිටියහ. කිසිවකු එළිමහනේ නොවූ නිසා ඇය ආපසු දුව ගොස් ආර්යාවෙනි ආරාමයෙහි භික්‍ෂූන් නැත ආරාමය හිස් යැයි කීවාය. කරුණු තේරුම් ගත් ඇය නැවතද විහාරයට දාසිය එව්වාය. බුදුන් වහන්සේ සිවුරු පොරවා සියලූ භික්‍ෂූන් සම`ග වතුරෙන් යටවී තිබුණු වීථිවලින් නොතෙමී සෘදියෙන් ගොස් විශාඛාවගේ ගෙයි වාහල්කඩ වැඩ සිටියහ. වීථි ජලයෙන් යටවී තිබියදීත් භික්‍ෂූන් වහන්සේ කිසිවකුගේ කය හෝ සිවුරු නොතෙමී තිබෙනු දැක ඉමහත් සතුටට පත් විශාඛාව සැදැහැ සිතින් දන් පිළිගන්වා අවසන කැපවර අටක් ඉල්ලමින් දිවි හිමියෙන් භික්‍ෂු සංඝයාට වැසි සළු, ආගන්තුක බත්, ගමික බත්, ගිලන් බත්, ගිලානෝපස්ථානයක බත්, ගිලන් බෙහෙත්, නිති කැඳ, මෙහෙණ ස`ගනට දියසළු දෙන්නට අවසර ඉල්ලා සිටියාය. බුදුන් වහන්සේ ඇයට ඒ සඳහා අවසර දුන් සේක.

වැසි සළුව සහ වස් විසීමේ ක‍්‍රමය

දහැත් ගොටු සම`ග වැසි සළු පූජා කිරීමෙන් වස් ආරාධනාව සිදු කරයි. වැසි සළුව සඳහා නානකඩයක් හෝ සිවුරක් පූජා කරනු ලබයි. ඉන් බොහෝවිට පූජා කරනු ලබන්නේ නානකඩය සඳහා අවශ්‍ය රෙදි ප‍්‍රමාණයයි. ඒ සඳහාද ඉතිහාසයක් ඇත. අටපිරිකරෙහි නැති මෙම නානකඩය බුදුරදුන් අනුදැන වදාරන්නේද දායකයන්ගේ ඉල්ලීමකටය.

බුද්ධ නියමයට අනුව දැඩි ගිලන් බවක් හෝ සේනාසනයට අනතුරක් නොවේ නම් සෑම උපසපන් භික්‍ෂුවක්ම වස් විසීම කළ යුතුය. වස් විසීමට සුදුසු ස්ථානයක් පළමුකොට තෝරාගත යුතුය. වර්තමානයේදී ඇසළ පොහොය දින පොහොය විනය කර්මය සිදුකොට වස් ආරාධනාවට සුදුසු තත්ත්වයට භික්‍ෂුව පත්විය යුතුය. එක් විහාරස්ථානයක භික්‍ෂූන් වහන්සේලා එක් නමක් හෝ කිහිප නමක් වස් සමාදන් විය හැකිය. සතර පේරුවේ දායක දායිකාවන් එකතුවී එක දායක මහත්මයෙක් හෝ පිරිසක් මූලිකත්වය ගැනීම වර්තමානයේ සාමාන්‍ය තත්ත්වයයි.

වර්තමානයේ ඇතිවී තිබෙන වසංගත තත්ත්වය නිසා වෙනදා මෙන් නිසියාකාරව මෙම පිංකම සිදුකර ගැනීමට නොහැකිවීම පිළිබඳව කඨින පිංකම දායකත්වය උසුලන අයෙකුවේ නම් ඒ පිළිබඳව කනගාටු නොවිය යුතුය. මක්නිසාද යත් ප‍්‍රතිපත්තිගරුක භාවය ඒ සැමට වඩා ප‍්‍රබල නිසාය. ප‍්‍රතිපත්තිගරුකව සියලූ කටයුතු සිදු කළ යුතුය. බුදුන් වහන්සේ දොළොස් වන වස් කාලය වේරංජා පුරයෙහි ගතකරන අවස්ථාවේදී නොයෙකුත් අපහසුතාවලට පත්විය. එයට හේතුව උදය බමුණාට වස් ආරාධනය අමතක වීම නිසාය. නමුදු උන්වහන්සේ ඒ ගැන කම්පා නොවීය. එයින් පැහැදිලි වනුයේ උන් වහන්සේගේ නොසැලෙන ගුණයයි.

ධම්මික ජයරංජන්
කලපලූවාව මිහිඳු පාසලේ නියෝජ්‍ය ප‍්‍රධානාචාර්ය.

සංස්කරණය නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment