ජනතා ආශිර්වාදයෙන් දුක නිවාලන යුගය නිර්මාණය කරනවා
ජනතාවට සවන් නොදී ජනතාවගේ මතයට ඉඩක් නොදී බලහත්කාරයෙන් මේ තනතුරුවල රැඳී ඉන්න පාලකයන් උත්සාහ කරන බවත් එළැඹෙන ජනාධිපතිවරණයේදී ජයගෙන ජනසවියෙන් ජනබලයෙන් ජනතා ආශිර්වාදයෙන් දුක නිවාලන යුගය සමගි ජන බලවේගය නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා ගාල්ලේ ඇල්පිටියේ පැවැති සමගි ජන බලවේගයේ ජනපවුර වැඩසටහන හා එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද කීය.
රජයට ගොවියාට අවශ්‍ය සහනාධාර ලබා දෙන්න බැරි වුවත් සැණකෙළි පවත්වන බවත් එවැනි සැණකෙළිවලින් බොරු උත්සවවලින් වැඩක් නොවන නිසා බිම් මට්ටමින් සංවර්ධන වැඩ ක්‍රියාත්මක කළ යුතුයි. වත්මන් ජනාධිපති වරයාගේ නම ඉදිරිපිට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කියන නම එකතු වන බවත් එවැනි අනුප්‍රාප්තික කියන කොටසක් තමාගේ නම ඉදිරිපිට දමාගැනීමට තමාගේ කිසිදු කැමැත්තක් නොමැති බවත් පොදු ජනතාවගේ ආශිර්වාදයෙන් ශක්තියෙන් පොදු ජනතාවගේ ජනාධිපතිවරයා වීම තමාගේ කැමැත්ත බවය.
ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව ඉතිහාසයේ දැවැන්තම ජන පවුර බිහි කර ජනතාව දිනවන මේ ගමන ගෙන යන බවත් සත්‍යවාදී යථාර්ථවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ජනතාවට සවන් නොදී ජනතාවගේ මතයට ඉඩක් නොදී බලහත්කාරයෙන් මේ තනතුරුවල රැඳී ඉන්න පාලකයන් උත්සාහ කරන බවත් තවත් පිරිසක් ඊර්ෂ්‍යාව වෛරය කුහකකම් තමන්ගේ ප්රමුඛ දේශපාලන වැඩපිළිවෙළ ලෙස නිර්මාණය කරගෙන රට තවදුරටත් විනාශ කරන්න උත්සාහ දරන බවත් එළඹෙන ජනාධිපතිවරණයේදී ජයගෙන ජනසවියෙන් ජනබලයෙන් ජනතා ආශිර්වාදයෙන් දුක නිවාලන යුගය සමගි ජන බලවේගය නිර්මාණය කරනවා.
රට සංවර්ධනය කරන්න පුළුවන්ද කියා සමහර අය ප්‍රශ්න කරන බවත් රණසිංහ ප්‍රේමදාස මහතා රටේ යුද්ද දෙකක් ඇති විට ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ආරම්භ කළ බවත් ඒ ආකාරයට රට සංවර්ධනය කළ හැකි බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ නව ව්‍යාපාර මිලියනයක් ඇති කිරීමත් සුහුරු තාක්ෂණය අධ්‍යාපනයට කර්මාන්තවලට ආදියට ලබාදෙන බවයි. ලෝකයේ රටවල් 195ක් ඇති බවත් තාක්ෂණික දියුණුව තුළින් ඉදිරියට යන රටවල් අතර දකුණු කොරියාව, ඇමෙරිකාව, තායිවානය, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය ආදී රටවල් 65ක් ශ්‍රේණිගත කළත් ඒ ලැයිස්තුවේ ලංකාව නොමැති බවත් නව තාක්ෂණය මෙරට අධ්‍යාපන ක්ෂේත්රය තුළට ලබාදී අප රටත් මේ ශ්‍රේණිගත කිරීමට යා යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ඇල්පිටිය විදානආරච්චි කීර්තිරත්න