බලාපොරොත්තු පුරෝගෙන ශ‍්‍රී ලංකා පැරා යෞවනයෝ අද පිටත්වෙති

94

ආසියානු යොවුන් පැරා කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (27 වැනිදා) ප.ව. 5.00 ට දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

ගල්ෆ් එයාර් ගුවන් සේවයට අයත් ජීඑෆ් 145 ගුවන් යානයෙන් බහරේන් බලා පිටත් වන ශී‍්‍ර ලංකා පැරා කණ්ඩායම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 8 දෙනකුගෙන් සමන්විතය.

බහරේන් රාජ්‍යයේ මනමා නගරයේදී ලබන 02 වැනිදා ආරම්භ වන ආසියානු පැරා තරගාවලිය ලබන 06 වැනිදා නිමාවට පත් වේ.

මලල කී‍්‍රඩා ඇතුළු කී‍්‍රඩා ඉසව් 9 කින් යුත් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාවෙන් පුහුණුකරුවන් සහ නිලධාරීන් 8 දෙනකු සහභාගි වෙති. කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස ජාතික පැරාලිම්පික් කමිටු උප සභාපති පි‍්‍රයන්ත පීරිස් මහතා සහභාගි වේ.

පිහිනුම් කී‍්‍රඩක නවීඞ් රහිම් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සමාරම්භක උළෙලේදී ජාතික ධජය රැුගෙන යෑමට නියමිතය. රටවල් 39 කින් පැරා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 800 ක පමණ සහභාගිත්වයෙන් තරගාවලිය පැවැත්වේ. වයස අවුරුදු 20 ට පහළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ මෙම තරගාවලිය නියෝජනය කරති.

ශී‍්‍ර ලංකා කණ්ඩායම

ජනනි ධනංජනා, සහරාන් මහම්මදු, ජේසන් ජයවර්ධන, රවිඳු චිරන්ජය, පන්සිළු පසන්, නවීඞ් රහිම්, ශාලිනා බස්නායක, ඉසුරු හංසක

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment