පාරේ සිටියදී ගෙනවිත් නිවෙසක ඇති කළ සුනඛයකු අතුරුදහන් වීම නිසා නිවෙස් හිමියා අසළ පිහිටි ජල ව්‍යාපෘතියක 71 හැවිරිදි මුරමුරකරුවකු සමග බහින් බස්වීමකින් පසු පුද්ගලයකු මියගොස් ඇතැයි වැලිගෙපොලපොලිසිය පවසයි.
වැලිගෙපොල පොලිස් බල ප‍්‍රදේශයේ තලගස්කන්ද ජල ව්‍යාපෘතියේ ආරක්ෂකයකු ලෙස සේවය කළ පස්දරු පියෙකු වෙන මෙම පුද්ගලයා පෙරේදා (08 දා) රාත‍්‍රී එම ජල ව්‍යාපෘතියේ පිවිසුම් දොරකඩ අසළ දී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. සුනඛ පැටවෙකු අතුරුදහන් වීමේ සිදු වීමක් ගැන මියගිය තැනත්තාගෙන් සැකකරු කරුණු විමසා ඇති අතර එහිදී දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. සැකකරු ප‍්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි. බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි අශෝක කුමාර මහතාගේ
මෙහයවීමෙන් වැලිගෙපොල පොලිසියේ ස්ථානාධිපති ලෙස්ලි ලියනගේ මහතා ඇතුළු නිලධාරීන් විසින් පරික්ෂණ සිදු කරයි. බලන්ගොඩ මහේස්ත‍්‍රාත්වරයා ව්සින් ස්ථානිය පරික්ෂණය සිදු කරන ලදී. මියගිය තැනත්තා ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීයකුගේ පියෙකි.
කහවත්ත – සමරවීර නිරෝෂණ