ශ්‍රී ලංකාවේ දැවැන්තම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක් වන A Baur & Co. (පුද්ගලික) සමාගම හෙවත් බවර් සමාගම මෙවර ජනප්‍රියතම සහ වඩාත් විශ්වාසනීයම පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීමේ ව්‍යාපාරය බවට පත්වීමේ අරමුණින් යුතුව තම
පාරිභෝගික ව්‍යාපාර අංශය පුළුල් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව තම නියෝජිතායතන ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමටත්” නිෂ්පාදන කළඹ ප්‍රසාරණය කිරීමටත්” දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය කළ හැකි විශිෂ්ට බෙදාහැරීම් ජාලයක් නිර්මාණය කිරීමටත් බවර් සමාගම අවධානය යොමු කර ඇත.
සමාගම සතුව දැනට පවත්නා සුහුරු පහසුකම් පද්ධතිය භාවිත කරමින් සමස්ත වටිනාකම් දාම පද්ධතියේම පුළුල් ක්‍රියාකාරීත්වවවවයක් වෙනුවෙන් බවර් සමාගම පියවර ගනිමින් සිටියි. එමෙන්ම predictive analytics සහ scenario planning ආදී නවතම තාක්‍ෂණික සහ කළමනාකරණ ක්‍රමෝපාය අනුගමනය කරමින් දත්ත මත පදනම්ව සිය බෙදාහැරීම් ජාලය තවදුරටත් ශක්තිමත් කිරීමටද සමාගම සැලසුම් කර තිබේ.