බස්නාහිර ගිලගත් මත් ජාවාරමුන් 60ක් ඇතුළු 285ක් අත්අඩංගුවට

308

පොලිස් – එස්ටීඑෆ් – හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින්

පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව ඊයේ (29දා) සිදුකළ දැවැන්ත ක්‍ෂණික මෙහෙයුමකදී බස්නාහිර හා දකුණ පළාත්වල ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 60 ක් ඇතුළු මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයන් 489 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා සහ ඩ්‍රෝන යානා ඇතුළු නවීන තාක්‍ෂණික ක්‍රමවේද යොදාගෙන මෙම දැවැන්ත මෙහෙයුම සිදුකර තිබේ.

මෙහිදී හෙරොයින්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර කාලයක් තිස්සේ බුද්ධි අංශවලට ලද තොරතුරු අනුව වැටලීම කර තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන්ගේ උපදෙස් මත මෙම වැටලීම කර තිබේ. මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් දිගටම සිදුකරන ලෙස මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම් දිගටම සිදුකිරීමට පියවර ගෙන තිබේ.
හේමන්ත රන්දුණු


advertistmentadvertistment