බස් අල්ලස පත්තුවී නුවරඑළිය ප්‍රවාහන ලොක්කෝ දෙදෙනෙක් රිමාන්ඩ්

155

නුවරඑළිය සිට ඩන්සින්න හන්දිය දක්වා මාර්ගයේ ධාවනය වන බස් රථයක අයිතිය වෙනත් අයකුට පැවරීමට රුපියල් 30000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රවාහන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කළමනාකරු සහ කළමනාකාර සහායක යන දෙදෙනා මාර්තු මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙලෙස බන්ධනාගාරගත කර ඇත්තේ ප්‍රියංකර අතුකෝරාළ (40) සහ ලලිත් ප්‍රසන්න (34) යන දෙදෙනා ය. ඔවුහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය පොලිසියට යොමු කිරීමෙන් අනතුරුව නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

මොවුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූවේ ඉකුත් 20 වැනිදාය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවාහන අධිකාරිය මගින් ද පරීක්ෂණයක් ආරම්භ කරන බව මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතා ‘දිවයින’ට පැවසීය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment