බස් ගාස්තු ගැන ගැමුණු විජේරත්නගේ අමුතු කතාවක්

312

පෞද්ගලික බස්රථ නිසි පරිදි ධාවනය නොවන මොහොතක බස් ගාස්තු ඉහළ දැමීම නොකළ යුතුව තිබූ බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. මෙය ප්‍රවාහන ඇමැතිවරයාගේ දුර්වලතාවයක් යැයිද එනිසා ප්‍රවාහන ඇමතිවරයා ද ෆේල් යැයි සදහන් කරයි. කෙසේවෙතත් වැඩි කළ බස් ගාස්තු වෙනස් කිරීමට තමා ද අකමැති බව පවසයි.මෙම ගාස්තු වැඩි වීමේ වාසිය මේ දිනවල ලබා ගන්නේ බස් රථ කිහිපයක් පමණක් බවත් ඉන්ධන නොමැතිව බස් රථ රැසක් ධාවන අඩාල වී ඇති නිසා ඔවුනට මෙහි වාසිය ලබා ගැනීමට තවම නොහැකි නිසා මේ මොහොතේ ගාස්තු වැඩි කිරීමට තමා විරුද්ධ බවද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


advertistmentadvertistment