මාස හතක කාලයක් තිස්සේ ඉන්ධන මිල ගණන් උච්චාවචනය වීමට සමගාමීව ඩීසල් ලීටරයක මිල රුපියල් විසිදෙකකින් ඉහළ ගොස් තිබීම මත බස් ගාස්තු ලබන 15 වැනිදා වනවිට සියයට දහයකින්වත් ඉහළ නැංවිය යුතු බව ලංකා පෞද්ගලික බස්රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය.
විශේෂයෙන්ම බස් මත පටවා තිබෙන වැට් බදු ඉවත් කොට බස් මංතීරු ක්‍රමය, කාඩ් ක්‍රමය හා කාලසටහන් මත බස් ධාවනයට ඉඩ දෙන්නේ නම් බස් ගාස්තු ඉහළ නොදමා සිටීමට හැකි බවද ඒ මහතා කියා සිටී.
මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් සමග ඊයේ (01 වැනිදා) බස් සංගම් නියෝජිතයන් සාකච්ඡා කර ඇත. ඉන්ධන මිල ඊයේ (01 වැනිදා) ඉහළ දැමූ පසු දින දහහතරක කාලයක් ගතවන තුරු බස් ගාස්තු ඉහළ දැමීමට අවසර නොමැති මුත් ලබන 14 වැනිදායින් පසුව බස් සංගම් තම යෝජනා ජාතික ගමනා ගමන කොමිෂමට යොමු කරන බවද විජේරත්න මහතා කීය.
ශිරාන් රණසිංහ