බස් ටිකට් දෙස එබී බලමු

289

බස් ටිකට් පුරාණය – 04

බස් රථයකින් ගමනක් යෑමේදී ගෙවූ මුදලට ලබාදෙන ටිකට්පත වටිනාකමක් ඇති දෙයක් බව බොහෝ දෙනා නොසිතති. මේ නිසා බස් ටිකට් පිළිබඳ උනන්දුවක් අතිශය බහුතර පිරිසක් තුළ නොමැති අතර බස් රථයෙන් බැස ඒවා තැන තැන දමායයි. මේ නිසා බස් නැවතුම් තුළ එකතුවන කසළ වලින් සැලකිය යුතු ප‍්‍රමාණයකට හේතුවී ඇත්තේද බස් ටිකට්ය. නමුත් එසේ බස් ටිකට් ඉවත දැමීම වෙනුවට ඒවා එක් රැුස්කළ හැකි නම් බස් ටිකට් මගින් කියවෙන ඉතා වැදගත් තොරතුරු රැසක් සමග ගනුදෙනු කිරීමට අවස්ථාවක් උදාකරගත හැකිය. බස් ටිකට්පතක ඇති මූලික වැදගත්කම වන්නේ එමගින් ගමනාගමනය අතරතුර මගියාට තම ගමනට සහතිකයක් හිමිවීමය. නියමිත මුදල ගෙවූ පසු ලැබෙන ටිකට් පතින් බස් රථයෙන් බැස යනතුරුම නීතිමය රැුකවරණයක් හිමිවන අතර හදිසි අනතුරකදී වන්දියක් ලබා ගැනීමට පවා එය වැදගත්වෙයි. ඒ නිසා බස් රථයකදී මගීන් වෙනුවෙන් ටිකට් පතක් නිකුත් කිරීම නීතිමය අවශ්‍යතාවයක් ද වේ. නමුත් ඉන් ඔබ්බට ගොස් බස් ටිකට් පතක් දෙස විමර්ශනාත්මකව බැලීමේදී එය ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය පිළිබඳව පමණක් නොව සමස්ත සමාජයම විමසීමට කදිම දොරටුවක් විවෘත කරදෙයි.

මුද්දර එකතු කිරීම ප‍්‍රකට විනෝදාංශයක් වන නමුත් බස් ටිකට් එකතු කිරීම විනෝදාංශයක් ලෙස සිදුකරන්නේ ඉතාමත්ම සීමිත පිරිසකි. අතීතයේදී බස් ටිකට් එකතු කිරීමේ තරග පැවැත්වීම නිසා ජයග‍්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් බස් ටිකට් එකතු කිරීම බහුලව සිදුවී තිබුනත් වර්තමානයේ එවැන්නක් සිදු නොවන නිසා බස් ටිකට් කසළ ලෙස සලකා බැහැර කිරීම සිදුකරයි. නමුත් ඕනෑම අයෙකුට තමාට ලැබෙන ටිකට් පතෙහි පිටුපස තමන් ගමන් කළ ස්ථානය, දිනය සටහන් කොට එකතු කළ හැකි නම් වසර කිහිපයක් ගතවන විට තමාගේ සංචරණයක් පිළිබඳ පැහැදිලි විග‍්‍රහයක් ඉන් ලබාගත හැකිවේ. මෙලෙස වසර 05 ක් 10 ක් ගතවන විට එය අපගේ ජීවන රටාව පිළිබඳ පුළුල් සිතුවමක් නිර්මාණය කර දේ. මෙම දත්ත පුද්ගලිකව මෙන්ම පොදුවේ යොදා ගැනීම මගින් ඕනෑම අයකුගේ පුද්ගලික සංචරණ රටාවන් පිළිබඳ මෙන්ම පොදු සමාජයේ සංචරණ රටාවන් පිළිබඳවද වටිනා සැලැස්මක් සකස් කර ගැනීමට හා එමගින් අනාගත සංචරණයන් පිළිබඳ පුරෝකථනයන්ද සිදුකළ හැකිවේ.

සාමාන්‍යයෙන් ලංගමය මගින් නිකුත් කරන ටිකට් පත් සහ අංකිත ටිකට් යන්ත‍්‍ර මගින් නිකුත් කරන ටිකට් පත් පොදු ආකෘතියකින් යුත්ත වන නමුත් පුද්ගලික බස්රථ වලින් නිකුත් කරන ටිකට්පත් විවිධ වර්ණ හා ප‍්‍රමාණයන් ගෙන් යුත් එකිනෙකට වෙනස් අකුරු මෝස්තර, ෆොනුරූ, ඡුායාරූප, තොරතුරු, මුද්‍රණ කඩදාසි වලින් යුත් ඒවාය. මේ නිසා එවැනි ටිකට් එකතු කිරීමද මුද්දර එකතු කිරීම වැනිම සුන්දර විනෝදාංශයකි. එවැනි බස් ටිකට් එකතුවක් යම් පුද්ගලයකු සතුවේ නම් ඒවායේ ඇති මෙම විවිධත්වය අධ්‍යයනය කොට ඉන් නිරූපිත ක්ෂේත‍්‍රයන් හා සමාජ භාවිතාවන් විස්තර කිරීමට හා අවබෝධ කර ගැනීමට යොදාගත හැකිය.

බස් ටිකට් දෙස එබී බලමු

බස් ටිකට් පතක් ප‍්‍රමාණයෙන් කුඩා චතුරස‍්‍රාකාර කඩදාසි කැබැල්ලක් වන නිසා එහි අඩංගු වන්නේ ඉතා සීමිත තොරතුරු ප‍්‍රමාණයකි. ලංගම සහ මගී ප‍්‍රවාහන අධිකාරි මෙන්ම බස් හිමියන්ගේ සංගම් මගින් ලබාදෙන ටිකට් පත්වල නිශ්චිත පොදු තොරතුරු පමණක් පැවතියත් බොහෝ පුද්ගලික බස්රථ මගින් නිකුත් කරන ටිකට්පත් වල බස් රථයේ අංකය, බස් රථයට යොදා තිබූ නම, මාර්ග අංකය, ගමනාරම්භය හා අවසානය, මාර්ග බලපත් අංකය, මගී ප‍්‍රවාහන බලපත‍්‍රය නිකුත් කළ බස්රථය අධීක්ෂණය වන ආයතනයේ නම (මගී ප‍්‍රවාහන අධිකාරිය / ගමනාගමන කොමිෂන් සභාව) වැනි තොරතුරු මුද්‍රණය කොට තිබේ. ඇතැම් බස් ටිකට්පත්හි බස් රථයේ තොරතුරු දැනගත හැකි දුරකථන අංක, ගමනාරම්භ හා අවසාන වන වේලාවන්, බස් හිමියන්ගේ වෙබ් අඩවි, විද්‍යුත් තැපැල් ලිපින ආදී තොරතුරු මෙන්ම උෂත්‍ෂ පහසුකම් සහිත බස් රථවල උෂත්‍ෂ මුරපද පවා මුද්‍රණය කොට තිබෙනු දැකිය හැකිය. මෙවැනි අමතර විස්තර සහිත ටිකට් පත් සාමාන්‍ය ටිකට් පත් වලට වඩා තරමක් විශාල වන අතර එවැනි විස්තර බහුල ලෙස ඇතුළත් කළේ සුඛෝපභෝගී බස් රථ හා අධි දුරගමන් ධාවනය වූ බස් රථ වලය. ඈත ග‍්‍රාමීය ප‍්‍රදේශ වල සිට නගරයට එන, බස් රථ එකක් හෝ කිහිපයක් පමණක් ධාවනය වන ගමනාත්ත සහිත බස්වලද මෙවැනි ටිකට් භාවිතා විය. අධිවේගී මාර්ගයේ මගී ප‍්‍රවාහනය ඇරඹීමත් සමග ඒවායේද භාවිතා වූයේ මෙවැනි ටිකට්පත්ය.

පොදුවේ පුද්ගලික බස් ටිකට් මෙවැනි තොරතුරු සහිත ඒවා වූ නමුත් වර්ණවත් සිතුවම් හා ඡායාරූප එක්කළ බස් ටිකට්ද ඇතැම්විට හමුවේ. මේවා බොහොමයක් බස් රථයක රූපයක් වැනි කුඩා සිතුවමක් ඇතළත් කළ බස් ටිකට් වූ අතර ඇතැම් බස් ටිකට් වල ඒ ඒ ප‍්‍රදේශයේ අන්‍යතාවය දැක්වෙන ඡායාරූප පවා ඇතුළත් විය. එලෙස සීගිරිය, දළදා මාලිගාව වැනි රූප යෙදූ බස් ටිකට්ද වූ අතර බස්රථ හෝ එය ධාවනය වූ ප‍්‍රදේශයට කිසිදු අදාලත්වයක් නැති මල්, කුරුල්ලන්, කුඩා දරුවන්, තරුණියන්ගේ රූප වැනි ඡායාරූප මුද්‍රණය කරන ලද බස් ටිකට් ද විය. මේවා විවිධ වර්ණයන්ගෙන් විවිධ කඩදාසි භාවිතා කරමින් ඉතා අලංකාර ලෙස මුද්‍රණය කොට භාවිතා කරන ලදී. පොදුවේ බස් ටිකට් මුද්‍රණය සඳහා පුවත්පත් මුදුණයට ගන්නා ගුණාත්මක බවින් අඩු කඩදාසි භාවිතා වූ නමුත් මිල අධික ඉහළ ගුණාත්මක කඩදාසිවල වල මුද්‍රණය කළ විචිත‍්‍ර බස් ටිකට්ද භාවිතාවිය. විශේෂයෙන් ඡායාරූප සහිත, වර්ණවත්, මිල අධික කඩදාසිවල මුද්‍රණය කළ ටිකට් පත් සුඛෝපභෝගී බස් රථ වල හා අධිවේගී මාර්ගයේ බස්රථවල භාවිතාවේ. මෙවැනි අමතර විස්තර, ඡායාරූප, සිතුවම් යොදා උසස් මට්ටමේ කඩදාසිවල මුද්‍රණය ටිකට්පත්වල එක් බලාපොරොත්තුවක් වූයේ ඒවා ඉවත නොදමා මගීන් ළඟ තබා ගැනීම උනන්දු කිරීමය. මෙවැනි සීමිත ධාවනයක් සහිත බස් භාවිතා කරන මගීන්ට බස්රථයේ තොරතුරු කලින් විමසා දැන ගැනීමට අවශ්‍ය වන නිසා ප‍්‍රචාරණ උපක‍්‍රමයක් ලෙසද මෙලෙස භාවිතා විය.

බස් ටිකට් පත්වල තොරතුරු ඉදිරිපත් කරන භාෂාවද ඉතා සුවිශේෂීය. ලංගම ටිකට් පත්වල තොරතුරු සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි යන භාෂා තුනෙන්ම දක්වා ඇති අතර බස් හිමියන්ගේ සංගම් හෝ ප‍්‍රවාහණ අධිකාරි මගින් නිකුත් කරන ටිකට්පත් වලද තොරතුරු එක් භාෂාවකින් හෝ භාෂා දෙකකින් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා තිබේ. මේ භාෂාවේද විවිධත්වයක් දැකිය හැක්කේ පුද්ගලික බස් රථ වල නිකුත් කරන මුද්‍රිත ටිකට්පත් තුළය. මෙම ටිකට්පත්හි, සිංහල භාෂාව භාවිතා කරන බහුතරයක් සිටින ප‍්‍රදේශයන්හි සිංහල අකුරින් හෝ ඉංග‍්‍රීසි අකුරින් මෙන්ම සිංහල හා ඉංග‍්‍රීසි අකුරු කලවම් ලෙස භාවිතය දක්නට ලැබේ. ලංගම බස් ටිකට්පත්හි මෙන් නොව මේවායේ භාෂා දෙකක් භාවිතා කරන විට එක් තොරතුරක් එක් භාෂාවකිනුත් අනෙක් තොරතුර තවත් භාෂාවකිනුත් දක්වා තිබේ. ඉතාමක් කලාතුරකින් සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි භාෂා තුනම භාවිතා වන ටිකට් පත් නිකුත් කළත් ඒවායේද එක් එක් තොරතුරු එක් එක් භාෂාවන් ගෙන් දක්වා තිබේ. භාෂා තුනෙන්ම විස්තර දක්වා ඇති ටිකට් නිකුත් කරන බස් රථ සිංහල බහුතරයක් වෙසෙන ප‍්‍රදේශවල සිට දෙමළ බහුතරයක් වෙසෙන ප‍්‍රදේශවලට යන ඒවාය. නමුත් දෙමළ භාෂාව භාවිතා කරන පිරිස් බහුල ප‍්‍රදේශයන්හි බස් ටිකට් ඉංග‍්‍රීසි භාෂාවට මුල් තැනක් දී ඇති අයුරු දක්නට ලැබෙන අතර ඉංග‍්‍රීසි හා දෙමළ භාෂා දෙකම භාවිතා කරන අවස්ථාවන්ද හමුවේ. මෙම තොරතුරු ඉදිරිපත් කිරීමේදී බස් රථ නාමයන් කෙරෙහිද විශේෂ අවධානයක් යොමුවේ. බොහෝ බස්වල නාමය ලෙස ඉංග‍්‍රීසි භාෂාවේ චවන වන ටුවර්ස්, ට‍්‍රැවල්ස්, එක්ස්ප‍්‍රස් වැනි නම් යොදා ඇති අතර එම නම් සිංහල අකුරින් හෝ ඉංග‍්‍රීසි අකුරෙන් මුද්‍රණය කොට තිබේ. මගී ප‍්‍රවාහන සේවය, සංචාරකයෝ වැනි සිංහල භාෂාවේ යෙදෙන නම් සහිත බස් ටිකට්ද හමුවන නමුත් ඒවා ඉතා දුලබය.

(ත්‍රෛභාෂා බස් ටිකට්)

නූතන සමාජයේ මුද්දර වලටත් වඩා වැඩිපිරිසක් අතර ගැවසෙන්නේ බස් ටිකට්ය. එනම් බස් ටිකට් පොදුවේ සෑම මිනිසකු අතටම ලැබෙන එදිනෙදා සාමාන්‍යයෙන් භාවිතාවන ඉතා සුලබ පොදු සන්නිවේදන මාධ්‍යයකි. මේ නිසා බස් ටිකට් හරහා සමාජය විනිවිධ දැකීමට මෙන්ම ඒ හරහා වඩාත් පහසුවෙන් සමාජය ඇමතීමටද හැකිය. එනම් බස් ටිකට් පොදු සමාජය තුලට යම් පණිවිඩයක් ඉතා ඉක්මනින් ගෙන යා හැකි සක‍්‍රීය මාධ්‍යයකි. එලෙස බස් ටිකට් යොදා ගත් අවස්ථාවන්ද බස් ටිකට් දෙස විමසිලිමත්ව බැලීමෙන් සොයා ගත හැකිය. බොහෝ පුද්ගලික බස්වල ටිකට්පතෙහි අවසානයේ සටහන් කොට ඇත්තේ ”ගමනාන්තය දක්වා ටිකට් පත ළඟ තබා ගන්න” වැනි උපදෙස්ය. නමුත් ත‍්‍රස්තවාදී කලබල පැවති සමයේ බොහෝ බස් වලින් නිකුත් කළ ටිකට්පත්හි මේ උපදෙස වෙනුවට සටහන් කොට තිබුනේ ”ඔබ අවට සැක කටයුතු යමක් තිබේ දැයි බලන්න” යන උපදෙසයි. එය ඒ සමයේ නිතර නිතර සිහිගැන්විය යුතු ජනතාව අවධානයෙන් සිටිය යුතු කාරණයක් විය. එම අදහස සාර්ථකව ජනගත කිරීමට බස් ටිකට් පතකට හැකිවිය. මෙලෙස පොදුවේ පණිවිඩ ජනතාව අතරට ගෙනයෑමට බස් ටිකට් තරම් පහසු මාධ්‍යයක් තවත් නොමැති තරම්ය.

(ඔබ අවට සැකකටයුතු යමක් තිබේ දැයි බලන්න)

බස් ටිකට් දෙස විමසිලිමත්ව බැලීම මගින් ලබාගන්නා තොරතුරු නිර්මාණශීලී සමාජ භාවිතාවකටද මග කියයි. ටිකට් පත් පොදුවේ සෑම මිනිසකු අතටම ලැබෙන්නක් නිසා එය ඉතා උසස් සන්නිවේදන මෙවලමක් ලෙසද භාවිතා කළ හැකිය. ටිකට්පත් නිකුත් කළ පසු බස්රියෙන් මගියා බැස යනතුරු එය මගියාගේ අතෙහි රැඳෙයි. මගියාගේ අවධානය මුළු ගමන පුරාම රැඳන්නේ මේ කුඩා කඩදාසි කැබැල්ල මතය. එහි කියවීමට ඇති තොරතුරුද ඉතා සීමිත නිසා වෙහෙසකින් තොරව මතකයේ තැම්පත්වේ. මේ නිසා ආකර්ශනීය ලෙස යමක් බස් ටිකට් හරහා ඉදිරිපත් කළ හැකි නම් එහි සාර්ථකත්වය ඉතා ඉහළය. මෙලෙස නිර්මාණශීලී අයුරින් බස්ටිකට් වෙත යොමුවිය හැකිනම් අතිවිශාල මුදල් කරන්දරාවක් ගෙවා සිදුකරන වෙළෙ`ද ප‍්‍රචාරණයකට වඩා සාර්ථක ප‍්‍රතිඵලයක් අඩුවියදමකින් ලබා ගත හැකිය. දැනටත් ඇතැම් බස් රථවල ටිකට් පත් වෙළෙඳ ප‍්‍රචාරණය සඳහා යොදා ගන්නා නමුත් එය ඉතාමත් සුළු වශයෙන් සිදුවන්නකි.

මෙරට බස්ටිකට් නිකුත් කිරීම සියවසක් තිස්සේ විවිධ ක‍්‍රම හරහා විකාශය වූවකි. නූතනය වන විට බස් ටිකට් නිකුත් නොකිරීම පිළිබඳවද බහුලව සාකච්ඡාවේ. ඒ කෙසේ වෙතත් විවිධ ලෙස විකාශයන්ට ලක්වෙමින්, පරිණාමයවී බහුතර ජනතාවක් අත නිරතුරුව ගැවසෙන බස් ටිකට්පත නීත්‍යානුකූල ලියැවිල්ලක් ලෙස මෙන්ම සෞන්දර්යාත්මක කලාවක් ලෙසද භාවිතයට ගත හැකිවනු ඇත. මේ පිළිබඳව අධ්‍යයනය කොට එහි අගයන් වැඩි දියුණු කරගත හැකි නම් මෙරට බස් ටිකට් කලාව සුන්දර විනෝදාංශයක් මෙන්ම රසවත් සංචාරක මතක සටහනක් ලෙස භාවිතය ජනගත කළ හැකි වනු ඇත. මෙවන් මාතෘකාවක් අරභයා ලියැවෙන පළමු සිංහල පුවත් පත් ලිපි පෙළද මෙය විය හැකිය. මෙරට බස් ටිකට් පිළිබඳ ශ‍්‍රාස්ත‍්‍රීය අධ්‍යයනයක් සිදුවී නොමැති නිසා ඒ අතීත මිහිරියාව පිළිබඳ ඇත්තේ තැන් තැන්වල ඉතිරි වූ මතක පමණි. මේ නිසා මෙරට බස් ටිකට් පිළිබඳ ශ‍්‍රාස්ත‍්‍රීය අධ්‍යයනයක් සිදු කිරීම ශ‍්‍රාස්ත‍්‍රවන්තයනටද හොඳ මාතෘකාවකි. එවන් සුන්දර ශ‍්‍රාස්ත‍්‍රීය කටයුත්තකට අනාගත සරසවි සිසුවකු අත තබන්නේ නම් අනාගත සන්නිවේදන මාධ්‍යයක් ලෙස බස් ටිකට් භාවිතයට මෙන්ම සියවසකට අධික කාලයක් බසයෙන් ගමන් බිමන් ගිය මෙරට ජනයා දෙස නව මානයකින් බැලීමක්ද වනු ඇත.

අසිරු වේදිත කරුණාරත්න

advertistmentadvertistment