බස් ටිකට් වැට් කඩයි

422

රජය වැට් බදු වැඩි කිරීමත් සමග ලබන වසරේ (2024) ජනවාරි මාසයේ සිට පෞද්ගලික බස් ගාස්තු වැඩිවීමේ අවදානමක් මතුවී තිබේ.

මේ සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් විමසූවිට කියා සිටියේ ජනවාරි මාසයේ වැට් බදු වැඩිවීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවය.

මීට අමතරව වැට් බදු සංශෝධනයත් සමග අමතර කොටස් මිල, ලිහිසි තෙල් මිල, ඉන්ධන මිල, සේවා ගාස්තු සියල්ලම ඉහළ යන බව ද ඒ නිසා බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ද ඔහු කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment