යාපනයේ කලුන්දායී ප්‍රදේශයේදී ලංගම බස් රථයක් අද පාරෙන් ඉවතට පැන පෙරළී යාම නිසා බස් රථයේ ගමන් කළ මගීන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.
යාපනයේ කරෙයිනගර් ඩිපෝවට අයත් එම බස් රථය කරෙයිනගර් සිට යාපනය දක්වා ගමන් කරමින් තිබියදී එය පෙරළී ගොස් ඇත.
රියදුරා අධික වෙගයෙන් බස් රථය පැදවීම නිසා මේ අනතුර සිදුව ඇති බව මනිපායී පොලීසිය පවසයි. දැනට රෝහල් ගත කොට සිටින අයගෙන් තුන් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව යාපනය හා මනිපායී රෝහල් වල වෛද්‍යවරු ප්‍රකාශ කළහ.
|