බහින් බස්වීමකින් පෞද්ගලික බස්රථ රියැදුරු ලංගම රියැදුරුට පිහියෙන් ඇනලා

326

බදුල්ල ප්‍රධාන බස් නැවතුම් පොළේ දී 25 දින ප.ව.4.30 ට පමණ පෞද්ගලික බස්රථයක රියැදුරු ලංගම බස්රථයේ රියැදුරුට හා කොන්දොස්තරවරයාට පිහියකින් ඇන තුවාල සිදු කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

බස් ධාවන වේලාව සම්බන්ධව ඇති වූ බහින් බස්වීමක් දුරදිග යෑම සිද්ධිය ට හේතුව වී ඇත.

කැපුම් තුවාල ලැබූ දෙදෙනා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.

බදුල්ල සිට මුත්තෙට්ටුගම දක්වා ධාවනය වන පුද්ගලික බස්රථයේ රියැදුරු හා කොන්දොස්තර බදුල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බදුල්ල එච්.එම්.සමරකෝන් බණ්ඩාර


advertistmentadvertistment