බහුදින යාත්‍රාවක් නැවක හැපී ධීවරයෙක් මියයයි

33

තවත් ධීවරයෙක් අතුරුදන්

නිලාවේලි ගැඹුරු මුහුදු තීරයේදී 17 වැනිදා අලුයම බහුදින යාත්‍රවක් සහ නැවක් ගැටීම නිසා එක් ධීවරයෙක් මියගොස් තවත් ධීවරයෙක් අතුරුදන්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ දෙවන හරස් පාර නින්දවුර් 09 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන එම්.පී.අයි. ලෙබ්බේ නැමති ධීවරයෙකි. එම අනතුරින් මුහුදේ ගිලී අතුරුදන්ව ඇත්තේ එම්. එල්. ඉස්මයිල් නැමැති මුහුදු වෙරළ පාර ඔළුවිල් පදිංචි ධීවරයෙකි.

මෙම අනතුරට ලක්වූ බහුදින යාත්‍රාවේ ධීවරයන් පස් දෙනකු සිට ඇත. එහි සිටි තවත් ධීවරයෙක් මෙම අනතුරින් තුවාල ලබා තිබේ.

මෙම බහුදින යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ නිලාවේලි ප්‍රදේශයට නුදුරින් ගැඹුරු මුහුදු තීරයේ තිබී ඇත.

වාලච්චේන පොලිසිය විසින් මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටිති.

සුසන්ත අමර බන්දු

advertistmentadvertistment
advertistmentadvertistment