බළන්ගොඩ මූලික රෝහලේ පරිපාලනයට එරෙහිව කාර්ය මණ්ඩලය උද්ඝෝෂණයක

133

බළන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරිය ඉවත් කරන ලෙස ඉල්ලා ඊයේ (10* රෝහල ඉදිරිපිට රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවයක නිරත වූහ. මේ ස`දහා විශේෂඥ වෛද්‍යවරුන්, හෙද හෙදියන් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු 350 කට අධික පිරිසක් බැනර්, පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් විරෝධය පළ කළහ.

 එහිදී සමස්ථ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙක් මාධ්‍යයට මෙසේ අදහස් දැක්වූහ. ‘‘දැනට මෙම රෝහලේ කොවිඞ් රෝගීන් ස`දහා ඇත්තේ එකම වාට්ටුවක් පමණයි. එහි ගැහැණු, පිරිමි රෝගීන් ඇතුළු ළමුන් ද සහිතව රෝගීන් නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. මේ වන විට කොවිඞ් රෝගීන් 70 ක් පමණ සිටින නමුත් මොවුන් සියළු දෙනාටම භාවිතා කිරීමට ඇත්තේ එකම වැසිකිලි පද්ධතියක් පමණයි. මෙම තත්ත්වය මඟහැරවීමට මෙම රෝහලේ ලක්ෂ 35ක් පමණ වැය කර තැනූ ගොඩනැගිල්ලේ කොටසක් ප‍්‍රයෝජනයට ගන්නා ලෙස යෝජනා කර සිටියත් ඊට කිසිදු ප‍්‍රතිචාරයත් වෛද්‍ය අධිකාරීතුමිය ඇතුළු පරිපාලනය දක්වලා නෑ…’’

 ‘‘මෙසේ රෝහල් කාර්ය මණ්ඩලය අපහසුතා මධ්‍යයේ කටයුතු කරගෙන යාමේදී ඔවුනට රෝගය වැළ`දීමේ අවධානම වැඩි වේ. රට මුහුණපා තිබෙන අර්බුදකාරී අවස්ථාවේදී අතිකාල දීමනා ඇතුළු කාර්ය මණ්ඩලයේ දිරි දීමනා කිසිවක් බලාපොරොත්තු වන්නේ නෑ. අපගේ ඉල්ලීම වන්නේ ඉහත කී පහසුකම් සපුරාලීමට මෙතෙක් අපොහොසත් වූ වෛද්‍ය අධිකාරීතුමිය ඇතුළු පරිපාලනය වහා ඉවත් වී මෙම රෝහලේ රෝගී සත්කාරක සේවා යථා පරිදි සිදු කිරීමට අදාල බළධාරීන් වහාම පියවර ගන්නා ලෙසයි…’’

 මෙම අවස්ථාවට රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිනී වලේ්බොඩ මහතා පැමිණ මෙකී අඩු පාඩු සෞඛ්‍ය ඇමැතිවරිය ඇතුළු රජයේ අදාල අංශවලට දැනුම් දී අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන බව සදහන් කළේය.

බළන්ගොඩ – එන්.එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment