කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ‘බ්‍රැඩ්බී පළිහ’ රග්බී පාපන්දු තරගයේ දෙවන අදියර අද (03) ප: ව: 04.00 ට ආරම්භ කෙරේ. ඒ මහනුවර පල්ලේකැලේ පිහිටි ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි පාපන්දු ක්‍රීඩාංගණයේදීය.
මෙහි මූලික අදියර ඉකුත් මස 20 දින කොළඹ දී නිමාව දුටු අතර එහිදී ලකුණු 29 – 00 ක් ලෙස ජය ගැනීමට රාජකීය විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි. තනි අශ්වයකුගේ ධාවන තරගයක ස්වරූපයක් ප්‍රදර්ශනය කරමින් ප්‍රථම අදියර ජයග්‍රහණය කිරීමට රාජකීයයන් සමත් වීම එහි විශේෂත්වයකි.
ගෝල් දිනුම් 03 ක් සහ එක් උත්සාහක දිනුමක් සමග දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් රාජකීය විදුහල තම ලකුණු 29 ක එකතුව සටහන් කර ගත්තේය.
රාජකීය සහ ත්‍රිත්ව යන දෙවිදුහල් අතර ‘බ්‍රැඩ්බී පළිහ’ සඳහා වන තරගය මෙවර ක්‍රියාත්මක වන්නේ 76 වැනි වර්ෂයටය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර