බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට AI අපේක්ෂකයෙක්

228

එළැඹෙන ජූලි 4 වැනිදා ට යෙදී ඇති බ්‍රිතාන්‍ය මහා මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස කෘත්‍රිම බුද්ධියෙන් (AI) නිපදවූ චරිතයක් ඉදිරිපත්ව ඇත.ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත්වන 59 හැවිරිදි අපේක්ෂක ස්ටීව් එන්ඩකොට් සිය මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ AI ස්ටීව් නම් කෘත්‍රීම බුද්ධි චරිතය පාදක කරගෙනය.ඔහු AI ස්ටීව්ගේ ආකෘතියක් රැගෙන සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ආකාරය මේ වනවිට දැකගත හැකිය.AI ස්ටීව් සමරිසි අයිතීන් පිළිබඳව මෙන්ම නිවාස මිලදීගැනීමේ දී ඇතිවන ගැටලු වෙනුවෙන් පවා පෙනී සිටියි.එමෙන්ම AI ස්ටීව් අමතා අනාගත දේශපාලන ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ අදහස් පළ කිරීමේ අවස්ථාව ද ජනතාවට ලබා දී තිබේ.ස්ටීව් එන්ඩකොට් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින අතර ඊට තවත් AI අපේක්ෂකයින් බඳවාගැනීම ඔහුගේ අපේක්ෂාව බව සඳහන් වේ.


advertistmentadvertistment