බ්ලූ ෆිල්ම්ස් සැදීමේ සාපරාධී කර්මාන්තය

1315

රුසියන් ජාතික සහ තායි ජාතික ගණිකාවන් ශ්‍රී ලංකාව තුළට වැඩි වශයෙන් පැමිණීමේ ප්‍රවණතාවක් ඇතැයි දැනගන්නට තිබේ. ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා ඔන් එරයිවල් ක්‍රමයේ නිදහස් වීසාවක් රුසියාව ඇතුළු රටවල් කිහිපයකට පිරිනැමීමට රජය පසුගියදා තීරණය කළේය. ඇතැම් පඬියන් පවසන්නේ මේ හේතුව නිසා රුසියානු සහ තායි ගණිකාවන් වැඩියෙන් රට තුළට ඇතුළු වන බවය. මෙය ගොන් කතාවකි. රජය විදේශිකයන් සඳහා නිදහස් වීසා ක්‍රමයක් අනුගමනය කරන්නේ වැඩි වශයෙන් විදේශ සංචාරකයන් ගෙන්වීමට අවශ්‍ය නිසාය. මේ රටට ඩොලර් නැතිව රන් එක දීමට නොහැක. ලංකාවේ රුපියල ජාත්‍යන්තර මුදල් ඒකකයක් නොවේ. පිටරටදී අපේ සල්ලි කොළවලින් ගත හැකි එකම වැඩේ වන්නේ සිගරට් පත්තු කිරීමය. එබැවින් ඩොලර් උපදවන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් වන සංචාරක ව්‍යාපාරයට හැකි තරම් පහසුකම් සැලසීම රජයේ වගකීම වේ. රට තුළට ගණිකාවන් පිවිසෙන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීම පොලිසියේ වගකීම වේ. ලංකාව තුළ ගණිකා වෘත්තිය තහනම්ය. හැබැයි කිසිවකුගේ ඇඟ විකිණීමට බ්‍රෝකර්ලා ලෙස කටයුතු කිරීම වරදකි. එසේම ගණිකා නිවාස පවත්වාගෙන යෑමද වරදකි. මේ සියල්ලට අමතරව බ්ලූ ෆිල්ම්ස් සෑදීමද වරදකි. අපගේ අද කතු වැකියට පාදක වන්නේ බ්ලූ ෆිල්ම්ස් සැදීමේ සාපරාධී කර්මාන්තයයි.

තරුණ තරුණියන්ට රැකියා ලබාදෙන බවට අන්තර්ජාලයෙන් ප්‍රසිද්ධ කර ඔවුන් නුගේගොඩ මිරිහානට ගෙන්වා ගෙන බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාකාරකම්වලට යොමුකර ඒවා වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැර විශාල වශයෙන් මුදල් උපයන යුවලක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් බව දැනගන්නට තිබේ. මේ කර්මාන්තය මගින් ඔවුන් දිනකට රුපියල් ලක්ෂයක් පමණ උපයා ඇත. මේ වර්ගයේ බ්ලූ ෆිල්ම්ස් සෑදීමට ඒවා මිලට ගන්නා කුණුහර්ප වෙබ් සයිට් අවම වශයෙන් දෙදහසක් අන්තර්ජාලයේ තිබේ. ෆයර් වෝල්ට් දමා එම වල් චිත්‍රපට බ්ලොක් කිරීමට ආණ්ඩුව කටයුතු කළද ෆ්‍රොක්සි නමැති විකල්ප මාර්ගවලින් ඒවා නැරඹීමට හද්දා වනචර කොල්ලෝ හද්දා වනචර නාකියෝත් දනිති. බ්ලූ ෆිල්ම්ස්වලට ඇබ්බැහි වීම ඉතාම නරක ක්‍රියාවකි. බ්ලූ ෆිල්ම්ස්වල කරන දේවල් ස්වාභාවික ලෝකයේ සිටින ගෑනුන්ට සහ පිරිමින්ට කළ නොහැක. බ්ලූ ෆිල්ම්ස් බලන පිරිමියා නිතරම තම බිරිඳ වෙතින් හෝ පෙම්වතිය වෙතින් බ්ලූ ෆිල්ම් එකේ තිබෙන දේවල් අපේක්ෂා කරයි. ඒ අපේක්ෂාවන් ඉටු නොවුන තැන කසාද ජීවිත දෙදරා යයි. අප ජනේලය හැර තැබූ විට සීත සුළං සාලයට එයි. සමහර විට සාලයේ ප්‍රධාන දොරින් ඇතුළු වන කුණාටු නිසා අපේ දේපළ ජනේලය තුළින් නික්මී පාවී යයි. අන්තර්ජාලයද එවැනි කුණාටුවකි. සුවදායක සුළං රැළි එන පැත්තක් මෙන්ම දරුණු කුණාටු ගෙට ඇතුළු වන පැත්තක් ද අන්තර්ජාලයේ තිබේ. මිරිහානේ බ්ලූ ෆිල්ම්ස් නිෂ්පාදනය කළැයි කියන මහතා සහ මහත්මිය දෙසට නැවත හැරෙමු. මෙවැනි කට්ටිය ඕනෑ තරම් මේ රටේ සිටිති. ඔවුහු සේවාවලට තරුණ ගැහැනු ළමයින් අවශ්‍ය බව කියමින් දැන්වීම් පල කරති. ස්පා රස්සාවට එන තරුණියන්ට සිදුවන්නේ ගණිකා වෘත්තියෙහි නිරතවීමටය. ගණිකා වෘත්තියෙන් එන ආදායම ඉතා විශාල වූ, අතට දැනෙන ආදායමකි. එම වෘත්තියේ යෙදෙන ඇතැම් තරුණියෝ දිනකට රුපියල් තිස් දහසක් පමණ උපයති. එය මාසයකට රුපියල් ලක්ෂ 9ක ආදායමකි. එබැවින් සාමාන්‍ය රැකියාවකින් උපදවන රුපියල් තිස් හතළිස් දාහකින් එම තරුණියන්ට වැඩක් නැත. ගණිකා වෘත්තියෙහි යෙදෙන තරුණියන් බොහෝ දෙනෙක් රෑට කුඩු හෝ අයිස් ගසා හිසේ තිබෙන මාරාන්තික කලකිරීමෙන් නිදහස් වෙති. දුර පළාත්වලින් එන මේ තරුණියන්ගේ දෙමාපියන් සහ ඥාතීන් කල්පනා කරන්නේ තමන්ගේ දියණිය කොළඹ කොම්පැණියක ලොකු වැටුපකට වැඩ කරන බවය. ගණිකා වෘත්තියෙහි යෙදෙන ඇතැම් තරුණියෝ ගමේ ගෙදර ඉතා හොඳින් නවීකරණය කර ගෙදර සහෝදර සහෝදරියන් කසාද බන්දවා දී රස්සාවක් නැති මල්ලීට සිල්ලර කඩයකුත් දමාදෙයි. එහෙත් අක්කා ඒ සඳහා මුදල් උපදවන්නේ ඇය කිසිසේත්ම නොකැමති අප්‍රියජනක සහ අවදානම් සහගත කටයුත්තක යෙදීමෙනැයි මල්ලී නොදනියි. අපේ රටේ ගැහැනු ළමයින් කාම කටයුතු සඳහා විකුණන වෙබ් සයිඩ් අවම වශයෙන් 10ක් අන්තර්ජාලයේ තිබේ. මේ දෙය පල කරනු ලබන්නේ එම තරුණියන් විසිනි. ඒ නිසා තමන්ගේ සිරුර විකිණීමට තමන්ට ඇති අයිතිය මත, එම තරුණියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිය.

මෙයට අවුරුදු ගණනාවකට පෙර සිවලෝගනාදන් විiා නමැති පසළොස් හැවිරිදි දැරියක් යාපනයේදී දූෂණය කර මරණ ලදී. ඇය දූෂණය කර මරන්නේ එම සිද්ධිය බ්ලූ ෆිල්ම් එකකට නැගීම සඳහාය. බ්ලූ ෆිල්ම් හදන ස්විස් කුමාර් නමැති වනචාරියෙක් මේ සියල්ල සංවිධානය කරන ලදී. ස්විස් කුමාර් පසුව අත්අඩංගුවට පත්විය. මේ රටේ ස්විස් කුමාර්ලා විශාල වශයෙන් සිටිති. උන් සියල්ල අත්අඩංගුවට ගැනීම පොලිසියේ වගකීම වේ.

advertistmentadvertistment
advertistmentadvertistment