බ්ලෙසින්ග් මුසරබානිගේ අති විශිෂ්ට පන්දු යැවීමත්, රයන් බෙනට්ගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 3ක විශිෂ්ට ජයක් ලැබීම සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
පසුගිය (20 දා) බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා පන්දු වාර 61ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 190ක් ලබාගැනීමට සමත්වූ අතර, සිය පළමු ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 80යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 273ක් ලබාගැනීම හේතුවෙන්, ලකුණු 83ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දු වාර 79යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 255ක් වීම හේතුවෙන්, ජයග්‍රහණය සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 174ක ඉලක්කයක් හිමිවිය.
ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකිවිය.
තරගයේ වීරයා ලෙස බ්ලෙසින් මුසරබානි සම්මාන ලැබීය.
කෙසේ වුවද පන්දු වාර 50යි පන්දු 1ක් අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 174ක් ලබාගත් සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 3ක විශිෂ්ට ජයක් හිමිවිය.
ලකුණු සාරාංශය
බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා පන්දු වාර 61ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 190යි.
මොමිනුල් හක් ලකුණු 56, නජ්මුල් හුසේන් ලකුණු 40, ජැකර් අලී ලකුණු 28, හසන් මොහොමඩ් ලකුණු 19, මහමදුල් හසන් ලකුණු 18යි.
(බ්ලෙසින් මුසරබානි 50/3, වෙලින්ටන් මසකන්ඩා 21/3, වෙස්ලි මඩ්වීරා 2/2, වික්ටර් නව්චි 74/2)
සිම්බාබ්වේ පළමු ඉනිම සඳහා පන්දු වාර 80යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 273යි.
සේන් විලියම්ස් ලකුණු 59, බ්‍රයන් බෙනට් ලකුණු 57, නයාෂා මායාවෝ ලකුණු 35, රිචර්ඩ් නගරාවා ලකුණු 28, බෙන් කෲරන් ලකුණු 18යි.
(මෙහෙදී හසන් 52/5, නිහාඩ් රණා 74/3, කලීඩ් අහමඩ් 30/1, හසන් මහමුඩ් 55/1)
බංග්ලාදේශය දෙවැනි ඉනිම සඳහා පන්දු වාර 79යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 255යි.
නජ්මුල් හුසේන් ලකුණු 60, ජැකර් අලී ලකුණු 58, මොමිනුල් හක් ලකුණු 47, මොමිදුල් හුසේන් ලකුණු 33යි.
(බ්ලෙසින් මුසරබානි 72/6, වෙලින්ටන් මුසකන්ඩා 20/2,)
සිම්බාබ්වේ සිය දෙවැනි ඉනිම සඳහා පන්දු වාර 50යි පන්දු 1ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174යි.
බ්‍රයන් බෙනට් ලකුණු 54, බෙන් කෲරන් ලකුණු 44යි.
(මෙහෙදි හසන් 50/5, තයිජුල් ස්ලාම් 70/2)
සිසිර ඉන්ද්‍රජිත්