තනි හා කණ්ඩායම් පන්ති කරමින් බාලවයස්කරුවන් දෙදෙනකු අපයෝජනය කර මාස ගණනාවක සිවුරේ සැඟවුන සැකකාර උපකාරක ගුරුවරයා අනුරාධපුර ස්වර්ණමාලි චෛත්‍ය අභියසදී නිකවැරටිය මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
නිකවැරටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට ලද තොරතුරකට අනුව ශ්‍රමණ වේශයෙන් සැඟව සිටියදී පෙරේදා (03 දා) මෙසේ අත්අඩංගුවට
ගැනුනේ කැබැල්ලෑව ප්‍රදේශයේ පාසැලක ආරක්‍ෂක සේවකයෙකුව කටයුතු කළ නිකවැරටිය ප්‍රදේශයේ අයෙකි. සැකකරු තමන් පාසලක සේවය කරන බව අඟවමින් එසේ තනිපුද්ගල හා සුළු කණ්ඩායම් පන්ති නිවෙස්වලට ගොස් පවත්වා ඇති බව පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
සැකකරු නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත. නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත ජයමිණී, සහකාර පොලිස් අධිකාරි ජයන්ත ගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් අනුව නිකවැරටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුරංග දහනායක, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂිකා ආලෝක බණ්ඩාර යන නිලධාරීන් අතුළු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉදිරි පරීක්‍ෂණ මෙහෙයවයි.
කුලියාපිටිය – උපේන්‍ද්‍ර සේරසිංහ