බාලිකා බොක්සිං කොටගල සිරි පැරකුම් විදුහලට

81

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය

කොළඹ රාජකීය විද්‍යාලයීය “මාස්” බොක්සිං පරිශ්‍රයේ දී ක්‍රියාත්මක කෙරුණු 37 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ බාලිකා බොක්සිං ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට කොටගල සිරි පැරකුම් විදුහල නියෝජනය කළ ක්‍රීඩීකාවෝ සමත් වූහ.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග ඉතිහාසය තුළ බාලිකා බොක්සිං ශූරතා කුසලාන කොටගලට රැගෙන යාමට සමත් වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළමු පාසල බවට පත් වන්නට සිරි පැරකුම් විදුහලට හැකියාව ලැබීම ඒ අතරේ විශේෂත්වයක් ගත්තේය.

රන් 03 සහ රිදී 01 බැගින් පදක්කම් 04 ක් දිනා ගන්නට සමත් වෙමින් කොටගල සිරිපැරකුම් විදුහල සමස්ත ශූරීන් ලෙස අභිෂේක ලැබීය. බී. සොනාලී (කිලෝ ග්‍රෑම් 48 බර පන්තිය), නිම්සී මිලෝනියා, (කිලෝ ග්‍රෑම් 46 බර පන්තිය) සහ ඉරේෂා මධුෂානි (කිලෝ ග්‍රෑම් 50 බර පන්තිය) රන් පදක්කම් දිනා ගත් අතර එකම රිදී පදක්කම කේ. මොනීෂා (කිලෝ ග්‍රෑම් 47 බර පන්තිය) දිනා ගත්තාය.

රන් පදක්කම්ලාභී නිම්සී මිලෝනියාගේ නායකත්වයෙන් මෙවර සිරි පැරකුම් විදුහල් කණ්ඩායම තරග පීඨීකාවට ගොඩ වී සමස්ත ශූරතාව තහවුරු කර ගැනීමට සමත් වීම ඉහළ අගයක් ගත්තේය. මෙවර පුහුණුකාරිනිය ලෙස ලක්මිණී ලසන්තිකා මහත්මිය කටයුතු කළාය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment