බාල අපචාර කළ විත්තිකරු අවුරුදු 8ක් හිරේ – වන්දිත් ගෙවන්න වෙයි

538

බාල වයස්කාර පිරිමි දරුවකුට බරපතළ ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (20දා) බරපතළ වැඩ සහිත වසර අටක සිරදඬුවම් නියම කළේය.

එයට අමතරව රුපියල් 20,000 ක දඩයකට විත්තිකරු යටත් කළ විනිසුරුවරයා, අතවරයට පත් දරුවාට රුපියල් ලකක්‍ෂ 1 1/2 වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළේය.

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා, විත්තිකරුට එම දඬුවම් නියම කළේය.

2013.09.02 – 2013.11.02 අතර කාලය තුළදී කොළඹ තදාසන්න ප්‍රදේශයකදී එම අපරාධය සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment