බාල ඖෂධ හා ශල්‍ය උපකරණ 64ක් ඉවතට

384

තත්ත්ව පරීක්‍ෂණවලදී ගුණාත්මකභාවය අඩු බව හෙළිවෙලා

තත්ත්වයෙන් බාල බවට හඳුනාගත් ඩොලර් මිලියන ගණනාවක වටිනාකමින් යුත්, ඖෂධ හා වෛද්‍ය උපකරණ 64 ක් භාවිතයෙන් ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය ඊයේ (17දා) විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර තිබේ.

හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකවල සහ රුධිර පීඩන තත්ත්වයන් පවත්වාගෙන යෑම සඳහා භාවිතා කරන ාදඉමඒපසබැ නමැති ඖෂධය ද වහාම ක්‍රියාත්මක වන පරිදි තත්ත්ව පරීක්‍ෂණවලදී ගුණාත්මකභාවය අඩු බවට ලද සැකය මත භාවිතයෙන් ඉවත්කොට ඇත.

හදිසි වෛද්‍ය ප්‍රතිකාරවලදී හෘදය වේගය අඩු වන අවස්ථාව හා රුධිර පීඩන වේගය අඩුවන අවස්ථාවේදී මෙම ඖෂධය බොහෝ විට භාවිතා කරන අතර හදිසි වෛද්‍ය ප්‍රතිකාර දැඩිසත්කර ඒකක හා එම රෝහල්වල හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඖෂධ කාණ්ඩවල මෙම ඖෂධය අත්‍යවශ්‍ය සාධකයකි.

මෙයට අමතරව ඇස්ප්‍රීන්, බෙටඩීන්, කො ඇමොක්සික්ලෙව්, මෙට්‍රනයිඩසෝල්, පිපරසිලින්, අක්ෂි කාච, සේලයින් කැනියුලා ඇතුළු මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය දිනපතා භාවිතා කරන විශාල ඖෂධ හා ශල්‍ය උපකරණ රැසක් පසුගිය මාස 6 ක කාල සීමාව තුළදී වෛද්‍ය සැපයුම් ඒකකය මගින් තත්ත්වයෙන් බාල බවට ලද පැමිණිලි මත භාවිතයෙන් ඉවත් කොට ඇති බව ඔවුන්ගේ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙම බොහෝ ඖෂධ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධ වීම විශේෂත්වයකි.

තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම නිසා මහජන ජීවිතයට වන හානි සම්බන්ධයෙන් මේ වනවිට විශාල කථිකාවතක් සමාජයේ නිර්මාණය වී ඇති අතර මේ සම්බන්ධව අදහස් දක්වමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් ක්‍රම පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ තම වෘත්තීය සමිති සන්ධානය වසරක පමණ කාලයේ සිට ශ්‍රී ලංකාවට තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළත් සෞඛ්‍ය අමාත්‍යවරුන් තත්ත්වය නොසලකා කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවයි.

තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම කුමන්ත්‍රණයක් ලෙසට පාලකයන් සඳහන් කරන්නේ නම් එම කුමන්ත්‍රණයට පසුගිය වසරක කාල සීමා මුළුල්ලේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සියලු සෞඛ්‍ය අමාත්‍යවරුන්ද ලේකම්වරුන්ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද ඖෂධ නියාමන අධිකාරියද සෘජුව වගකිව යුතු බවත් තමන් මේ සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා පරීක්‍ෂණයක් සිදුකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ප්‍රසිද්ධ මාධ්‍ය මගින් අවස්ථා කීපයකදීම ඉල්ලා සිටිය බවද සිහිපත් කළේය.

වසරක පමණ කාල සීමාවක් තුළදී ඖෂධ හා ශල්‍ය උපකරණ වර්ග 64 කට ආසන්න ප්‍රමාණයක් තත්ත්වයෙන් බාල බවට ඖෂධ නියාමන අධිකාරිය විසින්ම සඳහන් කරන්නේ නම් එම ඖෂධ ගෙන්වීම සඳහා වියදම් කරන ලද ඩොලර් මිලියන ගණනක මුදල් අවභාවිතාව සඳහා වගකියන්නේ කවුරුන්ද යන්න පිළිබඳ රජය ප්‍රකාශයක් සිදුකළ යුතු බවත්, එසේ මෙරට ජනතාවගේ අහිමිවූ බදු මුදල් අදාළ දේශපාලකයන් සහ නිලධාරීන්ගෙන් අයකර ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
සුජීව තත්සර, ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment