බාල ප්‍රතිදේහ එන්නත් වංචාවට සම්බන්ධ මහමොළකරුවන් නීතිය ඉදිරියට ගේන්න – GMOA කියයි

78

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධියට සම්බන්ධ සැබෑ මහමොළකරුවන් වහාම නීතිය ඉදිරියට රැගෙන ආ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පසුගිය වසරේදී පමණක් රුපියල් බිලියන 30 කට අධික මුදලක් හදිසි ඖෂධ මිලදී ගැනීම් සඳහා ගෙවා දමා ඇතැයි ද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (04 දා) පැවසීය.

වෛද්‍ය සැපයුම් අංශයේ වෙබ් අඩවියට අනුව ඖෂධ වර්ග 120 කට ආසන්න ප්‍රමාණයක් මේ වසරේදී පමණක් ප්‍රමිතිය අසමත්ව පද්ධතියෙන් ඉවත් කර ඇතැයි පැවසූ හෙතෙම, ඖෂධ මාෆියාවේ ආධිපත්‍ය

සෞඛ්‍යයේ ඉහළම තැන්වල සිට පැමිණෙන බව මෙම ඉමියොනෝග්ලොබියුලින් වංචාවෙන් පැහැදිලි වී ඇතැයි කියා සිටියේය. ඉමියුනෝග්ලොබියුලින් සිද්ධියට සම්බන්ධ සමාගම හරහාම කූට ලේඛන සකසා පිළිකා රෝගීන්ට

ලබාදෙන ඖෂධ ද ගෙන්වා ඇති බව හෙළිදරව් වී ඇතැයි පැවසූ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මෙම ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment