වයස අවුරුදු 15ක බාල වයස්කාර පාසල් දැරියක් අතවරයට ලක් කර, එම දැරිය ගැබිනියක් බවට පත් කළ 49 හැවිරිදි දැරියගේ මවගේ අනියම් පුරුෂයා අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සිද්ධියට මුහුණ පෑ දැරිය ඉකුත්දා නිවසේදී සිහිසුන්ව ඇද වැටීම හේතුවෙන් නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන අතරතුර මෙම සිද්ධිය අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු නොච්චියාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
නොච්චියාගම පොලිසියේ නිලධාරීහු පිරිසක් විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත්හ.
මිහින්තලේ – රංග චතූ