බාහිර බලපෑම් එල්ල වුණාද? – විමර්ශනයකට ඇමැතිගෙන් නියෝග

392

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයා සේවයෙන් ඉවත්වී රටහැර යෑමට බාහිර බලපෑම් එල්ල වී තිබේද යන්න සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට ඊයේ (02 දා) දැනුම් දී ඇත.

විනිසුරුවරයා සේවයෙන් ඉවත්ව රටහැර යෑමට හේතු වූ කරුණු හා එල්ල වූ බාහිර බලපෑම් පිළිබඳව විමර්ශනයේදී අවධානය යොමු කරන ලෙස ද විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ලබාගන්නා ලෙස ද ඇමැතිවරයා පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
චමින්ද සිල්වා, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment