බැංගලෝර්හි ‘ඉන්දියානු සංකල්ප’ වාර්ෂික සැසියේ ප්‍රධාන දෙසුම පාත්ෆයින්ඩර් නිර්මාතෘ මිලින්ද මොරගොඩගෙන්

37

ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වෙන ‘ඉන්දියානු සංකල්ප’ වාර්ෂික සැසිවාරයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතාට ආරාධනා කර ඇත. මෙම සමුළුව නොවැම්බර් 22 සිට 24 දක්වා බැංගලෝර්හි කර්නාටක නගරයේ පැවැත්වෙයි.

‘භාරත් නිර්මාණය හා ඉන්දියානු දශකය’ යනුවෙන් උද්දීපනය කරන මෙම සැසිවාරය ඉන්දියානු පදනම විසින් සංවිධානය කර තිබේ. ඉන්දියානු පදනම නව දිල්ලිය පදනම් කරගත් ස්වාධීන චින්තන පර්ෂදයක් වන අතර ඉන්දියානු දේශපාලනයේ ගැටලු, අභියෝග සහ අවස්ථාවන් ගවේෂණය කිරීමට කැපවී ක්‍රියා කරන ආයතනයකි. අටවැනි වතාවටත් පැවැත්වෙන මෙවර සැසිවාරයේ දී ඉන්දියාවේ සහ විදේශ රටවල සිටින අන්තර්ජාතික ප්‍රතිපත්ති සම්පාදකයන් සහ බුද්ධිමතුන්ගෙන් සමන්විත කීර්තිමත් කණ්ඩායමක් එක්රැස් කරන අතර එහිදී රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවල ජ්‍යෙෂ්ඨ නායකයන්, විද්වතුන්, මාධ්‍යවේදීන්, දේශපාලනඥයන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු ආරාධිත බුද්ධිමතුන් හාරසියයකට අධික පිරිසක් අදහස් හුවමාරු කර ගැනෙනු ඇත.

මෙතෙක් පැවති සමුළු වාරවලදී ඉදිරිපත් වූ අදහස් ඉන්දියානු ආර්ථීක, සමාජ හා ගෝලීය පැතිකඩ විවරණය කරන්නට හේතු වූ අතර රටවල් 30 කට අධික සංඛ්‍යාවක රාජ්‍ය නායකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විද්වතුන් සහභාගි වූ බව වාර්තා වේ.


advertistmentadvertistment