බැඩ්මින්ටන් තරුව විරේන්ට ඔලිම්පික් වරම්

109

ශ්‍රී ලාංකීය බැඩ්මින්ටන් තරග බිමේ වර්තමානයේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සැලකෙන විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ඔහු පැරිස් ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් තරග ඉසව්වේ පිරිමි ඒකල තරග අංශයට සහභාගි වීමට නියමිත බව ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය නිවේදනය කළේය.

මෙවර තරග වාරය තුළ ප්‍රසාද ලකුණු 24,030 ක් රැස් කරමින් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග අංශයට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් අතර 32 වැනි ස්ථානයට පත් වූ විරේන් නෙත්තසිංහ ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 72 වැනි ස්ථානයේ පසු වෙයි.

ඔලිම්පික් නීති රෙගුලාසිවලට අනුව බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් සිය රට නියෝජනය කිරීමට අවසර හිමි වන්නේ එක් ඉසව්වකට ක්‍රීඩකයන් දෙදෙනකුට පමණක් වන අතර, මේ වනවිට විරේන් නෙත්තසිංහ ඇතුළු ක්‍රීඩකයන් 39 දෙනකු සෘජුවම සුදුසුකම් ලබා සිටිති.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග ඉසව්වට සුදුසුකම් ලබා ගැනීමේ කාල සීමාව මේ මස 28 වැනිදායින් නිමාවට පත්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment