බැසිල්ට පොලිස් රැකවල් දුන්නාට අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

243

රජයේ කිසිදු තොරතුරක් නොදරන බැසිල් රාජපක්‍ෂ මහතා කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණ පිටව යන අවස්ථාවේදී ඔහු පසුපස හා ඉදිරියෙන් පොලිස් නිල රථ ගමන් කරමින් රජයට සිදුකළ පාඩුව පොලිස්පතිවරයාගෙන් අයකර ගන්නා ලෙස අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සභාපති ජාමුනි සමන්ත තුෂාර මහතා විසින් ඊයේ (21දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කර ඇත. රජයේ කිසිදු තනතුරක් නොදරන බැසිල් රාජපක්‍ෂ මහතා ගමන් ගන්නා මෝටර් රථය සඳහා රටේ මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන ශ්‍රී ලංකා පොලිසියේ රථ වාහන අංශයේ යතුරු පැදියක් සහ පිටුපසින් පොලිස් ජීප් රථයක් ගමන් කොට රජයට පාඩු සිදු කිරීමට පොලිස්පතිවරයා කළ ක්‍රියාව නීති විරෝධී බවත්, ඒ ගැන විමර්ශනයක් සිදුකර එම මුදල් අයකර ගන්නා ලෙසත් තුෂාර මහතා අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලෙන් ඉල්ලා සිටී.
චමින්ද සිල්වා


advertistmentadvertistment